install – The SIGMA
Java
හැමෝටම ආයුබෝවන් යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න යන්නේ java කියන programming language එක ගැන.java කියන්නේ object oriented language එකක්.
අද අපි බලමු java install කරගන්නේ කොහොමද කියල.
මුලින්ම ඔය java development kit(jdk) එක download කරගන්න ඕනි.ඒ සදහා link එක මෙතනින්  ලින්ක් එකටගියාම ඔයාලට පහල තියෙන විදියෙ page එකක් බලාගන්න පුළුවන්.
ඔයාට පුළුවන් මෙතනින් කැමති java platform එකක් තෝරාගන්න. example එකක් විදියට මම මෙතනින් java platform (jdk)10 තෝරගත්ත කියමුකෝ.එතකොට ඔයාට පහත පරිදි window එකක් දකින්න පුළුවන්.
මෙතනින් ඔයාගේ operating system එකට ගැලපෙන install file එක තෝරගෙන download කරගන්න.ඊට පස්සෙ install කරගන්න.
Install කරල ඉවර උනාම තව දෙයක් තියෙනව කරන්න. ඒ තමයි java path එක හදන එක.
දැන් ඔයා command prompt එකට ගිහින් javac ලෙස type කර enter කරල බලන්න.එතකොට පහත පරිදි window එකක් එන්නෙ නැතුව error එකක් ආවොත්, ඔයාට path එක හදන්න සිදුවෙනවා.
path එක හදාගන්න මේවිදියට යන්න.
my computer >properties >Advanced system setting >Enviroment variables
එවිට ලැබෙන window එකේ පහත highlight කර ඇති new button එක click කරන්න,
ඉන්පසු ලැබෙන window එකේ variable name එකට Path ලෙසද variable value එකට ඔයා java install කරපු Drive එකේ සිට java jdk bin folder එක දක්වාම තිබෙන address එක ලබාදී ok click කරන්න. ඔයා install කරද්දි default settings වෙනස් කරේ නැත්ත්ම්, මේ වගේ path එකක් තමයි තියෙන්න ඕනෙ.
>c:/programe files/java/
නිදසුනක් පහත රුපසටහනේ දක්වා ඇත.
The post Java appeared first on The SIGMA.
Install Laravel (Homestead)
අපි අද කතා කරන්න යන්නේ Laravel Framework එක Homestead එක්ක Install කරන්නේ කියලා. අපි මුලින් ලිපියෙදි කතා කරා සාමාන්‍ය විදියට Laravel Framework එක Install කරගන්න විදිය. මේකෙදි අපි කරන්නේ Virtual Machine එකක් ඇතුලෙදි Laravel Install කරගෙන Run කරන එක. මේ ක්‍රමය තමයි ගොඩක් දුරට Recommend කරන්නේ. මොකද ඔයා Web Application එක මේ Virtual Machine එක ඇතුලෙන් Develop කරලා Release කරාම තවත් Platform එකකදි ඒක errors නැතිව Run වෙන්න ලොකු Chance එකක් තියෙනවා. මොකද Homestead හරහා Application එක Design කරනකොට Platform Independent වෙනවා. ඒ කියන්නේ ඔයාගෙ Develop කරන Platform එක Application එකට බලපාන්නේ නෑ.
හරි එහෙනම් අපි බලමු මේ විදියට Install කරගන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා.
Prerequisites:
මම මුලදිම කිවුවා මේක Run කරන්න හදන්නේ Virtual Machine එකක. ඒක නිසා අපිට Virtual Box Software එකක් ඕන වෙනවා. මේ ලිපියෙදි මම භාවිතා කරන්නේ Oracle Virtual Box එක.
ඒ වගේම මේ වැඩේට ඕන වෙනවා Vagrant කියන Software එක. ඒක මෙතනින් Download කරගෙන Install කරගන්න. Vagrant කියන්නෙ, Oracle VIrtual Box එකට හදපු command line interface එකක් වගේ එකක්.
(Download කරගන්නකොට Latest version එක ගන්න එක ගොඩක් හොඳයි. ගැලපෙන Platform එකට අවශ්‍ය Setup එක අරගෙන Install කරගන්න.)
Installation
මේ Homestead Laravel virtual box එකේ මේ කියන Software Set එක Install කරලා දීලා තියෙනවා.
Ubuntu 16.04
Git
PHP 7.2
PHP 7.1
PHP 7.0
PHP 5.6
Nginx
Apache (Optional)
MySQL
MariaDB (Optional)
Sqlite3
PostgreSQL
Composer
Node (With Yarn, Bower, Grunt, and Gulp)
Redis
Memcached
Beanstalkd
Mailhog
Elasticsearch (Optional)
ngrok
wp-cli
Zend Z-Ray
Go
මුල්ම පියවර තමයි Vagrant Laravel Box එක Download කරගන්න එක. ඒකට Linux වලදි Terminal එකේ නැත්නම් windows වල Command Prompt එකේ මේ Command එක Type කරන්න.
vagrant box add laravel/homestead
මේක Download වෙන්න සාමාන්‍යයෙව් 2GB විතර Data ප්‍රමාණයක් යනවා. ටිකක් වෙලා යනවා Download කරගෙන Install වෙන්න. ඒක නිසා ටිකක් ඉවසීමෙන් ඉන්න.
දෙවෙනි පියවර මේකෙදි අපි කරන්නේ Homestead Install කරගන්න එක. ඒකට අපි කරන්නේ Git Repository එකකින් Source Code එක Download කරගන්නවා. මේ පහලින් තියෙන Command එක Run වෙන්න නම් ඔයාලගෙ Machine එකේ git software එක install කරලා තියෙන්න ඕන. නැත්නම් මෙතනින් Download කරගෙන Install කරගන්න. ඊට පස්සේ Git Bash එක Open කරලා ඒකෙ මේ Command එක run කරන්න.
git clone https://github.com/laravel/homestead.git ~/Homestead
තුන්වෙනි පියවර මෙතනදි කරන්න ඕන Homestead එක Install කරගන්න එක. උඩ Command එක හරියටම Run වුණා නම් දැන් git bash එක run කරපු Directory එකේ Homestead කියලා folder එකක් හැදිලා තියෙන්න ඕන. දැන් ඒ folder එක ඇතුලෙ ආපහු Git Bash එක open කරගන්න. කලින් Download කරපු gitbash එකෙන් අයින් උනේ නැත්තනම්
cd ~/Homestead
ගැහුවත් අදාල folder එක ඇතුලට යනවා.
හරි දැන් කරන්න ඕන අදාල Version එක Git එකෙන් Verify කරගන්න එක. මොකද Master Branch එකේ තියෙන්නේ හැමතිස්සේම Stable Version එකක් නෙවෙයි. ඒක කරන්නේ මෙහෙමයි. කලින් open කරලා තියෙන Git Bash එකෙන්ම පහලින් තියෙන Command run කරන්න.
git checkout v7.3.0
// Mac / Linux...
bash init.sh
// Windows...
init.bat
මම Comment කරලා තියෙන්නේ අදාල OS එක මොකද්ද කියලා කියන්න. ඒක Run කරන්න ඕන නෑ. මේක Run වුණාම Install වෙනවා.
පස්වෙනි පියවර මේකෙදි කරන්නේ අපි install කරගත්ත file ටික Config කරන එක. ඒකට තියෙනවා Homestead.yml කියලා file එකක් මුලන්ම Create වුණ Homestead folder එක ඇතුලෙ. දැන් ඒක මොකක් හරි Text Editor එකකින් open කරගන්න. දැන් ඒකෙ තියෙන්න ඕන Settings මේ විදියට..
provider: virtualbox
මේක මේ විදියට වෙනස් කරන්න ඕන වෙන්නේ අපි Virtual Box එක Install කරගන්න භාවිතා කරෙ Oracle Virtual Box කියන Software එක. ඒක හින්දා තමයි අපි මෙතන Setting එක මේ විදියට තියන්නේ. මෙතන තියන්න පුළුවන් මෙන්න මේ කියන Set එක. තවදුරටත් මේ ගැන ඉගෙන ගන්නවා නම් ඕන වෙයි. Virtualbox, vmware_fusion, vmware_workstation, parallels, hyperv කියන set එකෙන් අපි මෙතනදි භාවිතා කරන්නේ VirtualBox කියන එක.
ඊළඟට අපිට Config කරන්න තියෙන්නේ Shared Folder එක. මොකද අපි දැන් වැඩ කරන්න යන්නේ Virtual Machine එකක් ඇතුලෙ. ඒකෙදි අපිට Files එහා මෙහා යවන්න මොකක් හරි ක්‍රමයක් ඕන. මොකද අපිට Virtual Machine එකක් ඇතුලෙ තියෙන Files නිකන්ම Explorer එකකින් open කරලා බලන්න බෑ. ඒකට අපි කරන්නේ Shared folder එකක් හදා ගන්නවා. මේකෙදි කරන්නේ අපේ ඇත්ත Machine එකටයි ඒක උඩ run වෙන Virtual Machine එකටයි පොදු එක Folder එකක් හදාගන්න එක. මේ පියවරේදි අපි ඒක කොහොමද කරන්නෙ ්කියලා බලමු.
මුලින්ම ඔයා කරන්න ඕන ඔයා Share කරන්න බලාපොරොත්තු වෙන තැන අලුත් Folder එකක් හදාගන්න එක. අපි හිතමු අපි Code කියලා අලුත් Folder එකක් හැදුවා කියලා. ඒක දැන් අපි Config file එකට ඒ කියන්නේ Homstead.yml File එකට දාන්න ඕන ඒක කරන්නේ මෙහෙමයි. කලින් open කරගත්තු yml file එක ආපහු ගන්න. ඒකෙ මේ විදියට දාන්න.
folders:
- map: /your/path/to/code/folder
to: /home/vagrant/code
මේකෙන් වෙන්නේ ඔයා අලුතින් හදපු Code කියන folder එක Virtual Machine එක ඇතුලෙ Code කියන folder එකට Map වෙනවා. මේකෙ මම දාලා තියෙන your path to code folder කියන එක වෙනුවට ඔයා හදපු Folder එක තියෙන තැන Path එක මෙතන්ට දෙන්න ඕන.
ඒක ඉවර වුණාම අපි කරන්න ඕන අපේ පළවෙනි Project එක හදන එක. මම මෙතනදි මගේ Project එකේ නම විදියට යොදා ගන්නේ test කියන නම. ඔයාලා කැමති එකක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි එහෙම කලොත් මේ  Command වලදි ඒවා හරියට වෙනස් කරගන්න ඕන. දැන් මම අලුතෙන් හදන්න ඕන Project එක අලුත් Site එකක් කියලා yml file එකට කියනවා ඒක තියෙන තැන මේ විදියට..
sites:
- map: test.dev
to: /home/vagrant/code/test/public
හරි මේක හදා ගත්ත හැටි මම පැහැදිලි කරන්නම්. මුලින්ම තියෙන map වචනෙන් පස්සේ තියෙන්න ඕන Domain එකක්. ඒක ඇත්තටම ඔයාට කැමති එකක් දාගන්න පුළුවන්. මම යොදා ගත්තේ test.dev කියන domain එක. ඒකෙන් කියන්නේ අපි Web Browser එකේ test.dev කියලා type කරලා enter කරාම අපේ Virtual Machine එක ඇතුලේ තියෙන මේ to කියලා තියෙන තැන path එක දීලා තියෙන folder එක ඇතුලෙ තියෙන Site එක load වෙනවා. සරලවම කතාව ඔච්චරයි. හරි අපි හිතමු ඔයාට මේක තියෙද්දිම තවත් අලුත් Project එකක් හදා ගන්න ඕන වුණා කියලා. දැන් ඔයාට කරන්න තියෙන්නේ තවත් අලුත් domain එකකුයි Path එකකුයි මේකට Add කරන එක. උදාහරණයක් විදියට මට ඕන වුණොත් test1 කියලා තවත් අලුත් Site එකක් හදන්න මම මේ yml file එක මේ විදියට වෙනස් කරනවා.
sites:
- map: test.dev
to: /home/vagrant/code/test/public
- map: test1.dev
to: /home/vagrant/code/test1/public
දැන් තේරෙන්න ඇති මොකක්ද වෙන්නේ කියලා. ඔයාලට ඕන තරම් මේ විදියට අලුත් project හදාගන්න පුළුවන්.
ඇයි අපි මේ path එකේ අන්තිමට public කියලා කෑල්ලක් Add කරන්නෙ. ඒකට විසඳුම ඉස්සරහ ලිපි වලින් ලැබෙයි. මොකද laravel වල folder structure එකක් තියෙනවා. ඒක ගැන වෙනම ලිපියකින් කතා කරමු. දැනට මේ විදියට config එක හදා ගන්න. ඒක save කරගන්න.
හයවෙනි පියවර දැන් අපිට කරන්න තියෙන්නේ අපි config file එකට දැම්ම Domain එක යන්න ඕන Internet එකේ තියෙන තැනක් නෙවෙයි අපේ machine එක ඇතුලෙ තියෙන site එකක්මයි කියලා Computer එකට කියන එක. ඒක කරන්න අපිට Host file එක edit කරන්න වෙනවා.
windows : “C:/windows/system32/drivers/etc/hosts
linux : “/etc/hosts”
මේ file එක text editor එකක් Administrator විදියට run කරලා Open කරගන්න ඕන. නැත්නම් මේ file එක edit කරන්න permission දෙන්නේ නෑ. ඒකෙ අන්තිමට මේ Line එක දාන්න.
127.0.0.1 test.dev
මේකෙන් අපිට කරන්නේ නිකන් local dns server එකක් හදනවා වගේ වැඩක්. Browser එකෙන් මේ Domain එක request කරද්දී අපි කියනවා මේක තියෙන්නේ අපේ Machine එක ඇතුලෙමයි ආපහු Internet එකේ හොයන්න එපා කියලා. ඒක කරලා Save කරන්න.
හත්වෙනි පියවර දැන් අපි කරන්නේ අපේ Site එක හදා ගන්න එක. ඒකට අපි මුලදිත් කතා කරපු homestead folder එක ඇතුලට Command Prompt එකෙන් ගිහින් මේ Command එක ගහන්න.
vagrant up
මේකෙන් අපි හදා ගත්ත Virtual Machine එක boot කරගන්නවා. දැන් ඔයාලට පෙනෙයි Ram එක එහෙම වැඩියෙන් Use වෙනවා. Port Forward වෙනවා වගේ වැඩ ටිකක්. ඒක ඉවර වෙන්න දෙන්න. ඉවර වුණාම මේ Command එක ගහන්න.
vagrant ssh
මේ Command එකෙන් පුළුවන් හරියට Virtual Machine එක වැඩ කරනවද කියලා බලන්න Machine එක ඇතුලට log වෙන්න.
දැන් අපි මුලින් හදපු shared folder එක මේ machine එක ඇතුලෙ තියෙනවා. ls ගැහුවොත් ඔයාලට බලන්න පුළුවන්. දැන් අපි ඒ folder එක ඇතුලට ගිහින් අපේ අලුත් project එකට අවශ්‍ය Files ටික install කරගමු.
දැන් code කියන folder එක ඇතුලට යන්න. (cd code) ගිහින් අපි මුලින් yml එකේ දැම්ම project එකේ නමින් මෙතන අලුත් project එකක් හදන්න ඕන. මම මුලින් yml එකේදි දැම්මේ මගෙ project එකේ නම test කියලා. දැන් මම test කියන project එකට අදාල files ටික මේ command එකෙන් හදා ගන්නවා.
laravel new test
අන්තිම පියවර මේකෙදි අපි test කරලා බලමු අපේ Site එක වැඩ කරනවද කියලා. web browser එකක් open කරලා මුලදි map කරන්න දුන්නු domain එක දීලා enter කරලා බලන්න.
Error එකක් ආවොත් fix කරගන්න විදිය මම කලින් Post එකේ ලියලා තියෙනවා. ඒක ටිකක් බලන්න. ඒකත් හරි ගියේ නැත්නම් Comment එකක් දාන්න.
ඊළඟ ලිපියෙන් හම්බෙමු. ඊළඟ ලිපිය ලියන්න බලාපොරොත්තු වෙන්නේ Laravel වල Folder Structure එක ගැන.
The post Install Laravel (Homestead) appeared first on The SIGMA.
Install Laravel (Custom)
අපි කලින් ලිපියේදි කතා කරා Laravel කියන්නේ මොකද්ද ඇයි අපිට Laravel වගේ Framework එකක් ඕන වෙන්නේ කියලා. ඒ ලිපිය තාම බැලුවේ නැත්නම් මෙතනින් බලන්න. අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ කොහොමද මේ Framework එක අපේ PC එකේ Install කරගන්නේ කියලා.
Laravel Install කරගන්න ප්‍රධානම ක්‍රම 2ක් තියෙනවා.
1. Homestead : Laravel Homestead කියන මේ ක්‍රමයේදී කරන්නේ Laravel Install කරන්න අවශ්‍ය කරන ඔක්කොම Requirements තියෙන Virtual Machine එකක් අපේ PC එකේ Install කරගන්න එක.
2. Custom : මේ ක්‍රමයේදි කරන්නේ Laravel Install කරන්න අවශ්‍ය Environment එක Manually හදලා දෙනවා. ඊට පස්සේ Laravel PHP artisan හරහා Run කරනවා.
මේ Methods ගැන වැඩි විස්තර ඉස්සරහදි කතා කරගෙන යමු. මුලින්ම ලේසි විදිය බලමු.
1. Custom :
මේ ක්‍රමයේදී අපිට Configuration ටික Manual කරගන්න වෙනවා. හැබැයි වැඩි වාතයක් වෙන්නේ නැතුව Install කරගන්න පුළුවන්. මේ වැඩේට අවශ්‍ය කරන Software ටික සහ Download Link ටික පහලින් දාන්නම්. ඒවා දැනට Install කරලා නැත්නම් Download කරගෙන Install කරගන්න. අනිත් කාරණය තමයි මේ දීලා තියෙන Version ම ගන්න නැත්නම් Laravel Version එකත් එක්ක ගැලපුනේ නැත්නම් Errors එනවා.
Windows User:
XAMPP 3.2.2 or Latest : Download
Linux User:
LAMP 7.1.16 or Latest: Download
ඔයාලගෙ OS එකට ගැලපෙන File එක අරගෙන Install කරගන්න. මේ Package එකත් එක්ක ඔයාලට Apache, Mysql, PHP කියන ප්‍රධාන Software 3 සහ තවත් කිහිපයක් හම්බෙනවා. මේ වැඩේට ප්‍රධාන වශයෙන් ඕන කරන්නේ මේ 3 විතරයි.
තවත් එක Software එකක් ඕන වෙනවා. ඒ තමයි Composer එක. ඒක මෙතනින් Download කරගන්න.
https://getcomposer.org/
මේකත් Download කරලා Install කරගෙන ඉවරයි නම් ඊළඟ පියවරට යමු.
Install Laravel
දැන් අපිට අවශ්‍ය කරන Requirements සම්පූර්ණ කරගෙන ඉවරයි. දැන් අපි Laravel Install කරගමු. මේක කරන්නේ අපි කලින් කතා කරපු Composer එක හරහා. Windows භාවිතා කරන කෙනෙක් නම් Command Prompt එක Open කරගන්න. Linux කට්ටිය Terminal එක. Open කරගෙන මේ Command එක Copy කරගෙන Terminal/Command Prompt එකේ Paste කරන්න
composer global require "laravel/installer"
මේ Command එකෙන් Laravel අපේ PC එකේ Install වෙනවා. දැන් අපි බලමු අලුත් project එකක් හදලා හරියට වැඩ කරන්වද කියලා.
Create a New Laravel Project
ඔයාට අලුත් project එක හැදෙන්න ඕන Folder එකට ගිහින් ඒ folder එක ඇතුලෙ Terminal එක හරි Command Prompt එක හරි Open කරගන්න ඕන. දැන් ඒකෙ මේ command එක ගහන්න.
laravel new Project_name
(Project_name කියන තැනට ඔයාලා කැමති නමක් දෙන්න)
සමහර විට දැන් Error එකක් එයි laravel කියන Command එක දන්නේ නැහැ කියලා. ඒක එහෙමෙ වෙන්නේ Path එක හරියට හැදිලා නැති නිසා. ඒ Error එක fix කරගන්නේ මෙහෙමයි.
Path Variable එකක් දාන්න Composer එක Install වුණ Directory එකේ Bin folder එක ඇතුලට. උදාහරණයක් විදියට Linux වලදී නම් මේ Path එක දෙන්න.
$HOME/.config/composer/vendor/bin
තාමත් ඒ Error එකම එනවා නම් අපි වෙනත් විදියකට අලුත් Project එකක් මදා ගමු. ඒකට මේ Command එක Type කරන්න. (මේකනම් අනිවා වැඩ කරනවා) මුලින් Command එක හරිගියා නම් ආපහු මේක Try කරන්න එපා.
composer create-project --prefer-dist laravel/laravel Project_name
දැන් අලුතින් Folder එකක් හැදිලා තියෙයි. මේ Folder එක ඇතුලට Terminal එකෙන් යන්න. ගිහින් මේ command එක type කරන්න.
php artisan serve
හරි දැන් අපි Check කරලා බලමු අපේ අලුත් project එක වැඩ කරනවාද කියලා. ඕනම Browser එකක් Open කරලා මේ Address එක type කරන්න.
http://localhost:8000/
මේ වගේ Screen එකක් ආවොත් ඒ කියන්නේ කිසිම ප්‍රශ්ණයක් නැතුව අපේ Site එක වැඩ කරනවා.
මේක එක පාරින් හරි ගියොත් පුදුමයි. 😀 හරි මීට වඩා වෙනස් විදියේ Screen එකක් එනවා නම් මේ ටික Try කරලා බලන්න.
මුලින්ම Project folder එක ඇතුලට ගිහින් ඒක ඇතුලේ තියෙනවා .env.example කියලා file එකක්. ඒක .env කියලා rename කරගන්න. (මෙහෙම file සාමාන්‍යයෙන් Explorer වලින් පෙන්වන්නේ නෑ. Linux වලදී නම් Ctrl + H ගැහුවාම පෙන්නනවා. නැත්නම් මොකක් හරි Text Editor එකක් හරහා Open කරගන්න )
ඒක කරගත්තා නම් ඊළඟට මේ Command එක Type කරලා key එකක් Generate කරගන්න ඕන.
php artisan key:generate
දැන් ආපහු Browser Windows එක refresh කරගන්න. තාමත් ඒ විදියම නම් මේ folders වලට write Permission දෙන්න.
storage , bootstrap/cache , public
තවමත් ගැටළුව එහෙම නම් Google Search කරලා බලන්න එන Error Message එක. නැත්නම් Screen Shot එකක් මෙතනට දාන්න. මම උදව් කරන්නම් Fix කරගන්න.
මේ ලිපිය තවත් දිග වෙන නිසා මම Homestead එක්ක Laravel Install කරන විදිය ඊළඟ ලිපියෙන් ලියන්නම්. ආපහු කියන්න තියෙන්නේ මොනවා හරි අවුලක් තියෙනවා නම් නැත්නම් තේරුණේ නැති තැනක් තියෙනවා නම් Comment එකක් දාගෙන යන්න.
The post Install Laravel (Custom) appeared first on The SIGMA.