Reading Time: 2 minutes

මේ පාඩමේදී බලාපොරොත්තු වෙන්නේ Routing කරන්නේ කොහොමද කියල.ඔයා තාම express install කරගෙන නැත්නම් මෙන්න මේ link එකට ගිහින් කලින් post එක බලන්න.

අද මම get request handle කරන විදිය තමා කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ routes ටික ලියන්නේ app.js එකේ

මෙතන 1st line එකෙන් කරන්නේ express කියන framework එක load කරගන්නවා var express කියල තියෙන variable එකට.

එතකොට 2nd line එකෙන් කරන්නේ app කියල variable එකක් හදාගන්නවා express එකේ තියෙන method call කරන්න

එතකොට දැන් අපි බලමු server එක හදාගන්න හැටි

මෙතන මම කරලා තියෙන්නේ අපේ express project එක 8080 කියන port එකෙන් open කරන එක.එතකොට මේ නමක් නැති function වලට කියන්නේ anonymous function කියල.

කොහොමද දැන් මේ express project එක run කරන්නේ?

ඔයාගේ terminal එකේ node app.js කියලා type කරලා enter කරන්න.

.ඔන්න ඔය විදියට display උනොත් අවුලක් නෑ

දැන් බලමු get request handle කරන විදිය

app.get("/home",function(req,res){
res.send("This is home page");
});

මෙතන වෙලා තියෙන්නේ get request එකක් ආවොත් /home කියල එතකොට server එක response කරනවා.This is home page කියල.මට අමතක උනා කියන්න req වලින් කියන්නේ request කියන එක res වලින් කියන්නේ response කියන එක. send වලින් වෙන්නේ html page එකක අපේ message එක render කරන එක.

http://localhost:8080/home කියල ඔයාගේ web browser එකේ address එක විදියට දුන්නොත් This is home page කියල display වේවි.මතක තියාගන්න ඔය app.js වල මොනවහරි වෙනස් කරොත්, save කරලා ආයේ server එක start කරන්න වෙනවා.

ඔයාට මේ send වලදී html tag use කරන්නත් පුළුවන්.හැබැයි මේක අපි use කරන් නෑ මොකද ඒක සංකීර්ණ වැඩි සරලවම කිවොත් කැතයි.එත් use කරන්නේ කොහොමද කියල බලන්න මම එක example එකක් දාන්නම්.

 
app.get("/login",function(req,res){
res.send("<h1>This is login page</h1>");
});

මෙන්න මේ get request එක වැදගත්

  
app.get("/home/:id/sigma",function(req,res){
res.send("sigma page");
});

මෙතනදී වෙන්නේ pattern එකක් search කරනවා වගේ seen එකක්. :id කියන එකට url request එකේදී ඕනි දෙයක් එන්න පුළුවන්.නමුත් /home / සහ /sigma දෙපැත්තෙන් තිබුනොත් විතරයි sigma page කියල render කරන්නේ http://localhost:8080/home/dfbsdjfw/sigma මෙන්න මේ වගේ url request එකක්.

දැන් අපි හිතමු අපේ website එකේ නැති page එකක් request කරනවා කියලා

  
app.get("*",function(req,res){
res.send("Page Not found");
});

“*” කියන්නේ ඕනිම url get request එකකට render කරනවා Page Not found කියල.

මේ get request එක අපේ app.js එකේ මුලින් කියපු ඒවායින් පස්සේ තමයි මේක use කරන්නේ නැත්නම් හැම url requset එකටම Page Not found කියල තමා එන්නේ.http://localhost:8080/jhwwbdjwdbwkdjnwk වගේ request එකකට අපි code කරලා නැති නිසා අපිට Page Not found කියන page එක තමා ලැබෙන්නේ

පහල තියෙනවා මුළු code එකම අද කතා කරපු.

 
var express=require("express");
var app=express();

app.get("/home",function(req,res){
res.send("This is home page");
});
app.get("/login",function(req,res){
res.send("<h1>This is login page</h1>");
});
app.get("/home/:id/sigma",function(req,res){
res.send("sigma page");
});

app.get("*",function(req,res){
res.send("Page Not found");
});

app.listen(8080,function(){
console.log("server has been started");
});

අදට මේ ටික ඇති වගේ post එකක් ටිකක් වෙනදට වඩා දිගයි.ඊලග post එකෙන් හමුවෙමු.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *