1.ඔයාට මුලින්ම Node.js install කරගන්න වෙනවා.
ඔයා තාම node install කරලා නැත්නම්.මෙන්න මේ link එකට ගිහින් node download කරගෙන install කරගන්න වෙනවා.
මේක install කරගත්තම ඔයාට node සහ npm (node package manager) එකත් auto install වෙනවා. ඔයාට ඕනිනම් පුලුවන් මෙන්න මේ විදියට Node & NPM install වෙලාද කියල බලන්න.command prompt(cmd ) එකට ගිහින් පහත දැක්වෙන ආකාරයට type කරලා බලන්න.
Node install වෙලාද ? node -v
npm install වෙලාද? npm -v
example :- මෙන්න මේ විදියට ඔයා install කරපු version එක අනුව ලැබෙයි
2.ඔයාට දෙවනුව කරන්න තියෙන්නේ package.json එක හදාගන්න
මට මුලින් කියන්න අමතක උනා මම code edit කරන්න use කරන්නේ vscode text editor එක.ඔයා කැමති නම් install කරගන්න මේ link එකෙන්
- දැන් ඔයා folder එකක් හදාගන්න කැමති නමකින්, මම නම් හදාගෙන තියෙන්නේ v1 කියල.
- ඔයාට පුලුවන් මේ folder එක ඔයාගේ vscode එකෙන් open කරගන්න. ඔයාට terminal එක use කරන්න වෙනවා. terminal එක code editor එකේ පේන්න නැතිනම් ඔයාට තියෙන්නේ view–>terminal දෙන්න
- ඊට පස්සේ ඔයා app.js කියල file එකක් හදාගන්න.
- දැන් ඔයාට තියෙන්නේ package.json කියන json file එක හදාගන්න.මේකට ඔයාට කරන්න තියෙන්නේ terminal එකේ npm init කියල type කරල enter කරන්න විතරයි. මෙතනදී ඔයාට පොඩි form එකක් වගේ දෙයක් set වෙයි .ඔයාට තියෙන්නේ මම පහත කරලා තියෙන විදියට කරන්න.
ඔයා enter කරගෙන යනකොට entry point(index .js ) විදියට තිබ්බොත් කරන්න තියෙන්නේ app .js කියල type කරල enter කරන්න. මතක තියාගන්න ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ඔයා app.js එක, npm init කරන්න කලින් create කරලා තිබ්බේ නැති උනාම.
3.දැන් කරන්න තියෙන්නේ express install කරගන්න
එකට ඔයාට තියෙන්නේ npm install express –save command එක දෙන්න.මේකට පොඩි වෙලාවක් යයි.
–save එක දෙන්න මතක් කරලා මොකද නැත්නම් ඔයාට dependencies manual set කරන්න වෙනවා.
මට කියන්න බැරි උණා ඇයි package.json එක ඕනි කියල.
package.json එකේ තමා අපේ project එකට අවශ්‍ය meta data තියාගන්නේ. dependencies,author ,project name ,entry point වගේ meta data .ඔයාට package.json file එක open කරොත් බලාගන්න පුළුවන් වෙයි.
අදට express install කරන කොටස ඉවරයි. ඊළඟ ලිපියෙන් බලමු කොහොමද express Framework එකෙන් server එකක් start කරලා url-request handle කරන විදිය.