express කියන්නේ මොකක්ද ?
express කියන්නේ back-end node.js framework එකක්. ඒ කියන්නෙ මේක යොදා ගන්නෙ website එකේ back-end එක හදන්න. ඒ කියන්නෙ මේක Run වෙන්නෙ අපේ web server එකේ.
web site එකක user ට පෙනෙන් නැති logic, database එකත් එක්ක ගනුදෙනු කරනව වගේ (back-end) වැඩ තමා express කරලා දෙන්නේ.
මේ ලිපි මාලාවෙන් අපි බලාපොරොත්තු වෙනවා express පාවිච්චි කරලා web application එකක් හදන්න .මේකට ඔයාලට HTML, CSS, JS, Bootstrap ගැනත් පොඩි දැනුමක් තියෙන්න ඕන. ඒ දේවල් වල ගැන ඔයා දන්නේ නැත්නම් ,මම මේ කියන්න හදන්නේ ඔයාලට උඩදි කියපු Skills ටික හදා ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ තමයි W3School එක. මම එක එක Topic එකට අදාල Link එක මෙතනට දාන්නම්. අවශ්‍ය නම් ඒ ටික බලලා දැනුමක් එකතු කර ගන්න.
HTML : https://www.w3schools.com/html/
CSS : https://www.w3schools.com/css
JS : https://www.w3schools.com/js/default.asp
Bootstrap : https://www.w3schools.com/bootstrap/default.asp
ඔයාට framework කියන එක ගැන අවබෝදයක් නැත්නම් මෙන්න මේ link එකට ගිහින් බලන්න Framework එකක් කියන්නේ මොකද්ද?. කියල topic එකක් තියෙනවා.
දැන් අපි බලමු Node.js කියන්නේ මොකක්ද කියල?
Node.js කියන්නේ server-side platform එකක්,Node හදපු පුද්ගලයාගේ නම
Ryan Dahl.
Ryan Dahl.
අපි බලමු කොහොමද file request එකක් php වලින් handle කරන්නේ කියල ?
1.මුලින්ම task එක යොමු කරනවා computer file system එකට.
2.file system එක අර request කරපු file එක open කරලා read කරනකම් wait වෙවී ඉන්නවා.
3.return කරනවා content එක client ට .
4.ready වෙනවා ඊලග request handle කරන්න.
දැන් අපි බලමු කොහොමද file request එකක් Node වලින් handle කරන්නේ කියල?
1.මුලින්ම task එක යොමු කරනවා computer file system එකට.
2.ready වෙනවා ඊලග request handle කරන්න.
3.file system එක, අර request කරපු file එක open කරලා read කරාම,server එක return කරනවා content එක client ට.
ඇයි මම express තෝරාගත්තේ,වෙන Node.js framework නැද්ද ?
නෑ තව framework තියෙනවා.නමින් කිවොත් koa2, Sails, NestJS, LoopBack වගේ තව ගොඩක් ඒවා තියෙනවා.හැබැයි මේ වනවිට ගොඩක්ම express තමා use වෙන්නේ.ඔයාලා google search කරොත් බලාන්න පුලුවන්.
අදට හැඳින්වීමේ කොටස ඉවරයි. ඊළඟ ලිපියෙන් බලමු කොහොමද express Framework එක ඔයාගෙ Machine එකේ Install කරගන්නේ කියලා.