The SIGMA

මොකක්ද මේ ionic framework එකක් කියන්නේ ?

Reading Time: 2 minutes

හැමෝටම ආයුබෝවන් යාලුවනේ.එක දිගටම web lessons කීපයක් පලකරපු හින්දා අද මම හිතුවා ටිකක් වෙනස් දෙයක් ගැන​ කතා කරන්න​.පසු ගිය ලිපියෙන් මම​ කතා කලා MEAN STACK වල​ database system එක වන​ mongo DB ගැන, කව්‍ රුහරි ඒ ලිපිය බැලුවෙ නැත්තම් මෙතනින් බලන්න පුලුවන්.

මෙම ලිපියේ සිට ඉදිරි ලිපි පෙලකින් මම මේ ionic framework එකක් කියන්නේ මොකක්ද එකෙන් application එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියන කරුනු පැහැදිලි කරන්නම්

මම මුලින් අහපු ප්‍රශ්නයම නැවත අසන්නම්,ඒ තමයි මේ ionic framework එකක් කියන්නෙ මොකක්ද කියන එක​,සරලවම කිව්වොත් ionic framework එකක් කියන්නේ mobile application develop කරන්න තියෙන framework එකක්.

තවත් සරලව කිව්වොත් අපි android phone වලට application එකක් develop කරනවනම් අපිට android studio වගේ දෙයක් පාවිච්චි කරල වෙනම ඒ application එක develop කරන්න වෙනවා.ios වලට නම් වෙනම application develop කරන්න වෙනවා, windows os වලටත් එහෙම්මයි,

කෙටියෙන්ම කිව්වොත් එක platform එකක develop කරපු application එකක් වෙනත් platform එකක වැඩ කරන්න බැ කියන එකනෙ……

මේ platform 3 ම එකවර වැඩ කරන්න පුලුවන් application එකක් තමයි ionic framework එකක් කියන්නේ.මේක Hybrid Mobile Application එකක්.

ionic වලින් වැඩ කරන්න කලින් ඔයාගෙ computer එකේ node js install කරල තියෙන්න ඕනි.(
මේ Link එකෙන් ගිහින් ඔයාට එක කරගන්න​ පුලුවන් )

ionic install කරන ආකාරය මම දැන් පැහැදිලි කරන්නම්.

npm install -g cordova ionic

හරියට install වුනානම්, ionic -v සහ cordova -v type කලහම ඔයලට ionic සහ​ cordova version එක බලාගන්න​ පුලුවන්.

ionic install කරල අවසන් වුනාම​ අලුත් application එකක් start කරන්න පුලුවන්.ඒ සදහා ප්‍රදාන solution 3 ක් තියෙනවා.

$ ionic start myApp blank –v2

$ ionic start myApp tabs –v2

$ ionic start myApp sidemenu –v2

මෙහෙම application එක create කලාට පස්සෙ අපිට පුලුවන් ඒ අදාල​ application එක run කරන්න​.

(–v2 යන්නෙන් අදහස් වන්නේ ionic version 2 යන්නයි)

cd myApp
ionic serve

මගින් myApp කියන මේ application එක run කරන්න පුලුවන්.

ඉතින් මේ ලිපියෙන් මම ionic framework එක​ computer එකට install කරන්නේ කොහොමද​,install කරන්න අවශය මූලික requirements මොනාද කියලා පැහැදිලි කලා.මගේ ඊලග ලිපියෙන් start කරපු මේ application එකේ ඉදිරියට වැඩ කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්නම්.

ionic official website : https://ionicframework.com