The SIGMA

MEAN Part 2 (Mongo DB)

Reading Time: 4 minutes

හැමෝටම ආයුබෝවන්!!පසුගිය ලිපියෙන් මම mongo DB  install කරගෙන ඒකෙ mongo server එක​ on කරගන්න විදිය කියල දුන්නා.ඉතින් මේ ලිපියේදී මම ඒ on කරගත්ත server එකේ වැඩ කරන්නේ කොහොමද කියල කියල දෙන්නම්.කව්‍ රුහරි අද අපිත් එක්ක මුලින්ම​ එකතු වෙනවනම් මෙතනින් ගිහින් ඒ ලිපිය බලන්න පුලුවන්.

Database Commands

ඉතින් මෙහෙම mongo DB server එක on කරගත්තට පස්සේ අලුත් console එකක් open කරගෙන mongo කියල type කරන්න එතකොට ඔයාට ඔයගේ තියෙන mongo DB version එක මොකක්ද කියල  බලාගන්න පුලුවන්,ඒ console එකේ තමයි අපි command කරන්නේ.

දැනට තියෙන database මොනවද කියලා බලාගන්නා ඕනිනම් show dbs කියලා type කරන්න​.එතකොට දැනට තියෙන database ටික මෙන්න මේ විදියට පෙන්නනවා.

config කියල තියෙන්නෙ මම හදපු database එකක්.අපි බලමු mongo DB වල අලුතින් database එකක් හදාගන්නේ කොහොමද කියලා.mysql වල නම් create database ගැහුවම database එක හැදෙනවා,හැබැයි ඒ database එක ඇතුලට යන්න අපිට ආයිමත් use databse කියල type කරන්න වෙනවා,mongo වල එහෙම ඕනි වෙන්නේ නැ,use කියල ගහලා database එකේ නම ගැහුවහම database එක create වෙලා auto ම switch වෙනවා.

දැන් මම customer කියලා database එකක් හදන හැටි පෙන්වන්නම්.

මම හිතනවා දැන් ඔයලට පැහැදිලි වෙන්න ඇති කියලා.දැන් මම කියලා දෙන්නම් mongo වල data save වෙන්නේ කොහොමද කියලා,මම කලින් ලිපියේ කිව්වා document එහෙම නැත්තම් json syntax (java script object) විදියට තමයි මේ data save වෙන්නේ කියලා.මම පෙන්වන්නම් කොහොමද ඒක කරන්නේ කියලා.

1.අපිට පුලුවන් key එකයි value එකයි විදියට data insert කරන්න​.

 

2.Array එකක් විදියට insert කරන්න 

 

3.object එකක් විදියට insert කරන්න

 

4.Array object එකක් විදියට insert කරන්න

ඉතින් මම මේ ඔයාලට පැහැදිලි කලේ mongo  වල​ data insert කරන්න පුලුවන් විදි නැත්තම් ආකාර​ ගැනයි.

දැන් අපි බලමු අපි හදාගත්ත customer database එක ඇතුලේ table එකක්  හදාගෙන ඒකට data insert කරන්නේ කොහොමද කියලා,table එක හදගන්න කලින් බලන්න database එක හරියට switch වෙලා තියෙනවද කියලා.එකේ error එකක් නැතිනම් මෙන්න මේ db.createCollection(‘table name’)  command  එක type  කරලා අලුතින් table එකක් ඒ කියන්නේ collection එකක් හදාගන්න.

(මේ හැම දේකදිම mongo  server එක on වෙලා mongo shell  එකක් open වෙලා තියෙන්න ඕනි)​

ඉතින් මේ collection එක හරියට generate වුනාද කියලා show collections command එක type කරලා ඔයාලට බලන්න පුලුවන්.

දැන් ඔයාලට පේනවා ඇති table එක හැදිලා තියෙනවා.දැන් table එකට data insert කරමු.

මුලින්ම db.user.insert({first:”kamal”,last:”silva”}) type කරන්න​.ඊට පස්සේ ඔයාට හරියට insert වුනාද කියලා බලාගන්න ඕනිනම් db.user.find() command එක type කරන්න​.

මොකක්ද මේ ObjectId එක කියන්නේ,my sql වල නම්  table එකක් හදනකොට අපි id කියලා field එකක් හදලා ඒක Auto Increment දෙනවා අපේ primary key එක විදියට​,mongo වල එහෙම ඕනි වෙන්නෙ නැ,එයාම Auto Id එකක් හදගන්නවා,මම ඒක කරලම පෙන්වන්නම්.ඒකට මම තව data set එකක් enter කරන්නම්.

දැන් ඔයලට පේනවා ඇති ObjectId එක auto  හදාගන්නවා කියල.මේකෙදි මම තව දෙයක් කලා.ඒ තමයි table එකට තව feild එකක් add කරපු එක,මේකට තමයි scaling කියලා කියන්නේ,ඒ කියන්නේ අතරමැදදී අපේ table එකට අලුතින් feilds add කරගන්න පුලුවන් කියන එකයි.ඒකත් මේ mongo DB වල විශේශ දෙයක්.

db.user.find().pretty() command එක type කරල බලන්නකෝ,එතකොට insert කරපු data ටික වඩා පැහැදිලිව බලාගන්න පුලුවන්.

insert කරන එක දැනට නවත්තලා table එකක් update කරන්නෙ කොහොමද කියලා දැන් බලමු.

මේකට මම කලින් insert කරපු data set එකම යොදා ගන්නම්.db.user.update({match},{update data set}) මේක තමයි command එක,​

මෙහෙම කිව්වට සමහරවිට ඔයාලට තේරුනේ නැතිව ඇති,මම ඒක පැහැදිලි කරන්නම්.මම පලවෙනිපාර insert කරපු data set එකේ town කියලා feild එකක් තිබ්බේ නැ,මම ඒක අලුතින් update කරලා පෙන්වන්නම්.

db.user.update({first:”kamal”},{first:”kamal”,last:”silva”,town:”gampaha”})  command එක​ type කරලා enter කරන්න​.ඊට පස්සෙ db.user.find().pretty() type කරන්න​.දැන් ඔයාලට පේනවා පලවෙනියට insert කරපු  data set එක update වෙලා කියලා.

දැන් අපි බලමු delete function එක වැඩ​ කරන්නේ කොහොමද කියලා.db.user.remove({first:”kamal”}) මෙන්න මේ command එකෙන් first name එක “kamal” වෙන සියලුම data remove වෙලා යනවා.

 

ඉතින් අද අපි කතා කලේ මේ insert,delete,update function වලට අදාලවන මූලිකම කරුණු ටිකක්, මගේ ඊලග ලිපියෙන් මේ function කෙටියෙන් කරන්නේ කොහොමද​, ඒ වගේම එක සමාන data set එකක් තිබුනහම මේ function වැඩ කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්නම්.