web development වලට අදාලව එන platform 4 ක් එකට එකතු උන තැනක් තමයි මේ MEAN කියලා කියන්නේ.ඉතින් මෙම ලිපියේ සිට ඉදිරියට MEAN web development කියන්නේ මොකක්ද,එකෙන් කරන්න පුලුවන් මොනාද කියල මම පැහැදිලි කරන්නම්.
web development application එකක front end එක ඒ කියන්නේ client side කොටස වගේම backend එක ඒ කියන්නේ server side කොටස නිර්මණය කිරීමට විවිධ platform තියෙනවා. ඉතින් Mean වල,
data base system->Mongo DB
back end web framework->Express
front end framework->Anjular.js
back end run time environment->Node.js
ඉතින් මොනාද මේ platform ඒවයින් කොහොමද වැඩ කරන්නේ කියල මම මෙතැන් සිට ඉදිරියට පැහැදිලි කරන්නම්.
මුලින්ම මම MEAN STACK වලට අදාලව database system එක වන Mongo DB ගැන පැහැදිලි කරන්නම්.
Mongo DB
මෙහිදී මම කොහොමද Mongo DB අපේ computer එකට install කරගන්නේ,කොහොමද Mongo DB වලින් insert,delete,update වගේ Fundamental කරන්නේ වගේම mongoose ගැනත් පොඩ්ඩක් කතාකරන්න බලපොරොත්තු වෙනවා.
Mongo DB කියල කියන්නේ No Sql ගනයට වැටෙන database එකක්.ඉතින් එතනම අදහස පැහැදිලි වෙනවනෙ.අපි සාමාන්‍යයන් පාවිච්චි කරන්නේ Relational Database, මේවට හොදම උදහරණයක් නෙ My Sql කියල කියන්නේ.ඉතින් මේ Relational Database වලට වඩා advance data base එකක් තමයි no sql database කියල කියන්නේ.
Mongo DB වල තියෙන විශේෂත්වය තමයි document නැත්තම් json syntax විදියට තමයි data store කරගන්නේ.
(මේ json syntax කියන්නේ මොකක්ද කියල මම ඉදිරියට පැහැදිලි කරන්නම්)
Relational Data Base එකක අපිට මුලු database එකම map කරන්න වෙනවා.ඒ කියන්නේ අපි database එකක් හදනකොට අපිට එකේ fields,data types,tables ඔක්කොම හදන්න වෙනවා.කොටින්ම කිව්වොත් structure එකක් තියගන්න වෙනවා.හැබැයි mongo DB වල එහෙම ඕනි වෙන්නේ නැ.අපිට කෙලින්ම scale එකක් තියගන්න පුලුවන්.එක මේ no sql වල තියෙන ප්‍රධාන වාසියක්.
ඉතින් අපි data විශාල ප්‍රමාණයක් handle කරනවනම් වඩා හොද database system එක තමයි Mongo DB ,මේ data base වල තියෙන තව වාසියක් තමයි speed එක Relational Database වලට වඩා වැඩි වීම.
ඉතින් මම හිතනවා mongo DB ගැන පොඩි අදහසක් ගන්න ඇති කියල මේ පැහැදිලි කිරීමත් එක්ක,
අපි ඊලගට බලමු කොහොමද මේ Mongo DB, computer එකට install කරගන්නේ කොහොමද කියලා.
mongo DB site(www.mongodb.com) එකට ගිහින් download කරන ආකාරය මම පියවර අකාරයෙන් දක්වන්නම්.
පියවර 1:
පියවර 2:
පියවර 3:
ඉතින් මම හිතනවා මම පැහැදිලි කරනවට වඩා මේ පියවර ටික බලලා ඔයලා තේරුම් ගන්න ඇති කියල කොහොමද mongo DB install කරන්නේ කියලා.
3 වෙනි පියවරේ platform එකට අදාලව msi file එක download කලාට පස්සේ ඒක open කරලා install කරන්න.mongo DB run කරන්න computer එකේ නිකන්ම install විතරක් කරල මදි,ඒකට variable path එක හදගන්න ඕනි.මම පැහැදිලි කරන්නම් කොහොමද ඒක කරන්නේ කියලා.
mongo DB install කරලා තියෙන තැන (සාමාන්‍යයෙන් c drive එකේ) open කරන්න.ඊලගට ඒකේ තියෙන බින් file එකේ path එක copy කරගෙන Advanced System Setting යටතේ Environment variable වල User Variable එකේ path එක set කරගන්න.
(මෙහෙම මම කිව්වට ඔයලට සමහරවිට තේරුණේ නැතිව ඇති,මම පෙන්වන්නම් කොහොමද path එක set කරගන්නේ කියලා)
ඉතින් මෙහෙම install කරල ඉවර වෙලා ඔයාගෙ cmd එක open කරල mongod කියල type කරන්න.හරියට install උනානම් මෙන්න මෙහෙම details ටිකක් එන්න ඕනි.
mongod කියල command එක run කරලා අපි කරන්නෙ mongo DB server එක on කරන එකයි.
mongo DB වල insert,delete,update කරන්නේ කොහොමද කියල කියන්න ඕනි වුනත් ලිපියේ මුලම mean stack ගැන විස්තර ටිකක් කතාකරපු හින්දා ලිපිය අවශය ප්‍රමනයට වඩා දිග වුනා.ඒක හින්දා ඒ කොටස මම ඊලග ලිපියෙන් කතාකරන්න බලාපොරොත්තු වෙනවා.
2 Comments
Danushka Herath · September 23, 2018 at 10:28 am
patta mchn
Kushan Ravindu · October 3, 2018 at 10:51 pm
Fattama mcn