The SIGMA

මොකක්ද මේ CodeIgniter කියන්නේ ?

Reading Time: 2 minutes

ආයුබෝවන් යාලුවනේ!  මේ ලිපියත් එක්ක පටන් ගන්න යන්නේ CodeIgniter කියන Framework එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා උගන්වන්න යන ලිපි මාලාවක්. මේ පාඩම් මාලාව පදනම් වෙන්නේ PHP එක්ක. ඒක හින්දා PHP ගැන Basic ටිකක් වත් දැනගෙන තිබුණොත් මේක ගොඩක් වැදගත් වෙයි.  ඒ වගේම HTML, CSS, JS ගැනත් පොඩි දැනුමක් තියෙන්න ඕන. ඒ දේවල් වල ගැන දැනටමත් දන්න කෙනෙක් නම් මේ ලිපි Set එක මාර වැදගත් වෙයි. Web Application එකක් ලේසියෙන්ම හදා ගන්න.

හරි මේ ටික කියවන්න ඕන උඩින් කියපු Requirements නැති කට්ටිය. තියන කට්ටිය මේ ටික Skip කරගෙන ඉස්සරහට යමු. මම මේ කියන්න හදන්නේ ඔයාලට උඩදි කියපු Skills ටික හදා ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ තමයි W3School එක. මම එක එක Topic එකට අදාල Link එක මෙතනට දාන්නම්. අවශ්‍ය නම් ඒ ටික බලලා දැනුමක් එකතු කර ගන්න. (පිළිවෙලට බලාගෙන යන්න)

HTML https://www.w3schools.com/html/

CSS https://www.w3schools.com/css

JS : https://www.w3schools.com/js/default.asp

PHP : https://www.w3schools.com/php/default.asp

හරි එහෙනම්අ පි මුලින්ම බලමු මොකක්ද මේ MVC architecture එක කියන්නේ කියලා.

ඇත්තටම මොකක්ද මේ MVC architecture එක කියන්නේ ?

MVC කියලා කෙටියෙන් කියන්නේ Model, View සහ Controller කියන වචන තුනට. මේ MVC කියන එක ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ User Interfaces හදන්න. මේක ගොඩක් Programming Languages වලදි භාවිතා කරනවා. Wiki එකත් පොඩ්ඩක් බලන්න.

මේ තුන එකතු වෙලා කරන්නේ මේ රූපයේ තියෙනවා වගේ වැඩක්. අපේ Browser එක Http Request එකක් හරහා Web Application එකේ Controller එකට කතා කරනවා. දැන් Controller එක කරන්නේ Model එකට කතා කරලා එතනින් Data ඉල්ලගෙන ඒ Data අවශ්‍ය විදියට හදලා HTML එකේ View එකක් හදනවා. මේ Model එකෙන් තමයි අපි Database එකත් එක්ක සම්බන්ධ වෙන්නේ.

ඔන්න ඔකට තමයි MVC architecture එක කියල කියන්නේ.ඔන්න ඔය දේ තමයි CodeIgniter කියන Framework  එකෙත් පාවිච්චි වෙන්නෙ..MVC architecture එක ගැන හොඳ Idea එකක් අති කියලා හිතනවා. අපි දැන් බලමු කොහොමද CodeIgniter Install  කරගන්නෙ කියලා.

පොඩි දෙයයි කරන්න තියෙන්නේ ..පහල තියන Link  එකින් ගිහින් files  ටික download කරගෙන extract  කර ගන්න.

               Download Codeigniter

 

හරි දැන් files  ටික text editer එකකින් Open කරලා බලුවොත් දැකගන්ට ගන්ට පුලුවන් Application  කියලා Folder එකකුයි, System කියලා Folder එකකුයි , user_guide කියලා Folder එකකුයි තව files ටිකකුයි තියනවා.ඔක තමයි වල codeigniter වල folder structure  එක.ඊලග පඩමෙන් අපි බලමු codeigniter වල folder structure  එක විස්තර සහිතව.අදට පාඩම නිමයි .ඊලග පාඩමත් සමගින් හමුවෙමු.හමෝටම සුබ දවසක්!