Web Application එකක් හදද්දි අපිට අවශ්‍යම වෙන දෙයක් තමයි Migration එහෙම නැත්නම් Database එක්ක ගණුදෙනු කරන එක. Database එකක් නැතිව Web Application එකකින් ගොඩක් දුරට තේරුමක් වෙන්නේ නෑ. අද කතා කරන්න යන්නේ Laravel එක්ක Database Migrations වැඩ ටික කරගන්නේ කොහොමද කියලා……
වෙනදා වගේම කියන්න ඕන මේක ඔයා බලන පළවෙනි laravel post එක නම් අපේ අනිත් ලිපි Set එකත් මෙතනින් බලන්න.
මූලික හැඳින්වීම
උඩ තියෙන Image එක කියන්නේ Why Laravel කියන ප්‍රශ්නෙට තියෙන උත්තර. ඒ කියන්නේ අනිත් PHP Frameworks එක්ක compare කරලා බලද්දි Laravel වල තියෙන විශේෂත්වය. ඒකෙ උඩින්ම තියෙන දෙයක් තමයි මේ Migrations කියන එක. ඒකට ගොඩක් specialty එකක් දීලා තියෙන්නේ ඒකෙන් ලොකු වැඩ ගොඩක් Simple විදියට කරගන්න අවස්ථාවක් තියෙන හින්දා.
සාමාන්‍යයෙන් අපි මොකක්ම හරි Web Application එකක් Laravel නැතිව වෙනත් විදියකින් හදනවා නම් අපි කරන්නේ අපේ Source Code එක වෙනම හදලා Database එක වෙනම හදලා මේ දෙක php වලින් Connect කරගන්න එකනේ. දැන් හිතන්න ඔය System එක තවත් කාට හරි දෙන්න ඕන වුණා කියලා. එතකොට අපිට සිද්ධ වෙනවා අපේ source code එකත් එක්ක SQL Server එකෙන් export කරගත්තු database file එකත් දෙන්න. ඊට පස්සේ මේ system එක ගන්න කෙනා ආපහු ඒ database එක import කරගන්න. මොකක්ම හරි Error එකක් ඇවිත් අර database file එක import වෙන්නේ නැති වුණොත් අපිට ආපහු ඒ file එක edit කරන එක ඇත්තටම අමාරු වැඩක්. මොකද ඒකෙ තියෙන්නේ generate වෙලා තියෙන code set එකක් නිසා.
තවත් ප්‍රශ්ණයක් තමයි අපි හදන Database එක වැඩ කරන්නේ Mysql නම් Mysql server එකක විතරයි. අපිට වෙනත් platform එකකට මාරු වෙන්න ඕන වුණොත් අපිට Database එක redesign කරන්නත් සිද්ධ වෙනවා.
Laravel වල තියෙන විසඳුම මොකද්ද?
සරලවම මේ ප්‍රශ්ණෙට laravel වල තියෙන විසඳුම තමයි Database Migration කියන්නේ. ඒ කියන්නේ අපි Database එක හදන්නෙත් අපේ System එකට අදාල files වලමයි. එතකොට අපිට තවත් කෙනෙකුට System එක දෙනකොට දෙන්න තියෙන්නේ අපි හදලා තියෙන system file set එක විතරයි. ඊට පස්සේ artisan වල තියෙන migrate command එක භාවිතා කරලා ඕනම කෙනෙකුට තමන්ගේ db එක හදා ගන්න පුළුවන්.
දැන් අපි මුල ඉඳන් මේ වැඩේ කරන්න ඕන කොහොමද කියලා බලමු.
Migration File එකක් හදාගමු.
මෙහෙම migrate files generate කරගන්න අපි භාවිතා කරන්නේ command prompt/terminal එක. ඒක නිසා මුලින්ම ඔයාලගෙ project එක (අලුත් project එකක් වුණොත් හොඳයි) තියෙන directory එක ඇතුලෙ command prompt එක හරි terminal එක හරි open කරගන්න ඕන.
ඊට පස්සේ එකෙ මේ command එක ගහන්න.
php artisan make:migration create_users_table
මෙකෙ create_users_table කියන්නේ අපේ migration file එකේ නම. මේකට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම user table එකක් හදන්න යන නිසා මේක දානවා. මේ Command එක run වුණාට පස්සේ database/migrations folder එක ඇතුලෙ අලුතින් file එකක් හැදෙනවා. මේ file එක හැදෙන්නේ ඕනම database operation එකක් කරගන්න ගැලපෙන විදියට.
හැබැයි අපි දැන් කරන්න හදන්නේ අලුතින් table එකක් හදා ගන්න එක. ඒ වැඩේට විතරක් ගැලපෙන විදියට අපේ migration file එක හදා ගන්න ඕන නම් මේ විදියට command එක වෙනස් කරලා දෙන්න පුළුවන්.
php artisan make:migration create_users_table --create=users
Migration File Structure
දැන් අපි බලන්න හදන්නේ කලින් පියවරේදි අපි generate කරගත්ත migration file එකේ structure එක තියෙන්නේ කොහොමද කියලා. ඒකට මේ මම පොඩි Table එකක් හදා ගන්න පුළුවන් Migration file එකක් මේ විදියට ලියා ගන්නවා. මෙකෙ table name එක flights.
<?php use Illuminate\Support\Facades\Schema; use Illuminate\Database\Schema\Blueprint; use Illuminate\Database\Migrations\Migration; class CreateFlightsTable extends Migration { /** * Run the migrations. * * @return void */ public function up() { Schema::create('flights', function (Blueprint $table) { $table->increments('id'); $table->string('name'); $table->string('airline'); $table->timestamps(); }); } /** * Reverse the migrations. * * @return void */ public function down() { Schema::drop('flights'); } }
මේකෙ දැන් ඔයාලට පේනවා ඇති up, down කියලා methods දෙකක් තියෙනවා. අපි up කියන method එක ඇතුලේ ලියන්නේ අලුතින් Table එකක්, column එකක්, නැත්නම් indexes Create කරන Queries. Down method එක ඇතුලේ ලියවෙන්නේ up method එක reverse කරන query set එක. දැන් අපි බලන්න හදන්නේ Migration commands කිහිපයක් කරගන්න විදිය.
Migration Commands
Migration File එකක් run කරගන්න විදිය
php artisan migrate
මේ command එක හරහා අපි හදලා තියෙන Migration files ඔක්කොම ටික අපිට Database server එක ඇතුලෙ run කරගන්න පුළුවන්.
Run වුන migration එකක් rollback (ආපහු මුල් තත්වෙට) කරගන්න විදිය
php artisan migrate:rollback
මේ command එකෙන් අපි අන්තිමට run කරපු migration files ටික හරහා සිද්ධ වුණ changes ටික reverse කරගන්න එහෙම නැත්නම් rollback කරගන්න පුළුවන්.
php artisan migrate:rollback --step=5
මේ විදියෙන් අපිට rollback කරන්න ඕන steps ගාන දෙන්න පුළුවන්…
php artisan migrate:reset
මේ Command එකෙන් අපේ Database එකට migration files වලින් වුණු හැම change එකක්ම අයින් වෙනවා..
php artisan migrate:refresh
මේකෙන් අපිට උඩින් කතා කරපු step දෙකක් එක command එකෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ Database එක reset කරගෙන migrations files ටික run කරගන්න එක.
php artisan migrate:fresh
මෙකෙන් කලින් කරපු වැඩේට ටිකක් සමාන වැඩක් කරගන්න පුළුවන්. හැබැයි මේකෙදි database එක reset වෙන්නේ නැතිව වෙන්නේ ඔක්කොම Tables ටික ඉස්සරලාම drop කරගන්න එක. ඊට පස්සේ Migration files ටික run කරගන්නවා.
ලිපිය තවත් දික් වෙලා Boring වෙන නිසා මම Database Queries ලියා ගන්න විදිය ගැන තවත් ලිපියකින් කතා කරන්නම්. මේ ලිපිය ගැන මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් Comment එකක් දාන්න. අලුත් ලිපියකින් හමු වෙමු…..