Reading Time: 4 minutes

මේ Tutorial එකේදි කරන්න හදන්නේ කිසිම Code එකක් ලියන්නේ නැතුව Laravel Admin Panel එකක් Generate කරගන්න විදිය. මේ ක්‍රමයේදි කරන්නේ අපිට අවශ්‍ය කරන CRUD Operation Generate කරගන්න පුළුවන් විදියේ System එකක් හරහා GUI විදියට Database Files, Models, Views, Controllers හදා ගන්නවා.

හැබැයි මේකෙන් Admin Panel එක Generate වුණත් ඒක Edit කරගන්න අපිට Basic Knowledge එකක් අවශ්‍ය වෙනවා. ඒක නිසා මුල් Tutorials බැලුවේ නැත්නම් බලන්න. විශේෂයෙන්ම මේ Tutorial එකේ තියෙනවා Basic CRUD Operations කරන විදිය. Laravel වලින් CRUD Operations කරමු. මේ Tutorial එක බැලුවේ නැත්නම් බලන්න.

පළමු පියවර

Laravel Admin Panel Generate කරගන්න පුළුවන් ගොඩක් Online Applications තියෙනවා. ඒවායින් ජනප්‍රියම කිහිපයක් පහළින් දාන්නම්. ඒ ටික Try කරලා බලන්න. මේ Tutorial එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේවායින් එකක් ගැන විතරයි. ඒක හරියට කර ගත්තහම අනිත් ටිකත් Try කරලා බලන්න පුළුවන් අවුලක් නැතුව.

  1. QuickAdminPanel
  2. Voyager
  3. laraAdmin

මේ 3 තමයි දැනට ගොඩක් ජනප්‍රිය Visual Generators විදියට තියෙන්නේ. මේ Tutorial එක ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම තියෙන QuickAdminPanel එකත් එක්ක.

මුලින්ම  http://quickadminpanel.com එකට ගිහින් අලුත් Account එකක් හදා ගන්න. මේ Site එකේ Free Version එකක් වගේම Paid Version එකකුත් තියෙනවා. Free Version එකේ හදන්න පුළුවන් එක Admin Panel එකයි CRUD Model 5ක් විතරයි. ඊට වඩා ඕන නම් Purchase කරන්න වෙනවා.

දෙවන පියවර

මුලින් කිව්ව විදියට අලුතින් Account එකක් හදාගෙන Log වුණාම මේ විදියේ Interface එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් new adminpanel කියන Button එක උඩ Click කරන්න. එතනින් අපිට පුළුවන් අපේ අලුත් Adminpanel එකට අදාල Project එක Create කරගන්න. ඒ වගේම මේකෙ තියෙන වාසිය තමයි අපිට ආපහු Edit කරන්න ඕන වුණොත් හදපු Source Code එක මේ Site එකේ Save වෙලා තියෙනවා. ඉතින් පස්සේ දවසක වෙනස් කරන්න ඕන වුණොත් Changes ලේසියෙන්ම කරගන්න පුළුවන්.

මේ Step එකේන පස්සේ අපිට Fill කරන්න පොඩි Form එකක් එනවා. ඒකෙ තියෙන්නේ අපි හදන්න බලාපොරොත්තු වෙන Application එක ගැන Basic විස්තරයක්. ඒක Fill කරනකොට බලන්න ඕන විශේෂම දේ තමයි Laravel Version එක. මොකද ඔයාගෙ ළඟ තියෙන Version එකත් එක්ක ගැලපෙන version එකක් මෙතනින් තෝර ගන්න ඕන. ඉතිරි Fields ටික කැමති විදියට Fill කරගන්න.

තෙවන පියවර

මුලින්ම මේ වගේ Interface එකක් එනවා. දැන් අපිට තියෙන්නේ අපිට ඕන කරන Models ටිකයි ඒවාට අවශ්‍ය කරන Files ටික Generate කරගන්න. ඒක කරන්නේ මෙහෙමයි.

මුලින්ම Left Navigation Menu එකේ තියෙන Menu Button එක Click කරන්න. එතනින් ඔයාලට දැනට තියෙන Menu Items පෙන්වනවා. දැන් කරන්න තියෙන්නේ අලුතින් CRUD Menu Item එකක් හදා ගන්න. ඒකට Create CRUD Menu item කියන එක උඩ Click කරන්න. දැන් ඔයාලට මේ වගේ Interface එකක් බලා ගන්න පුළුවන්.

මෙතනින් ඔයාලගෙ CRUD එකට අදාල Details ටික දෙන්න ඕන. උදාහරණයක් විදියට හිතමු අපි Class room Management System එකක් හදනවා කියලා. එහෙනම් මේ විදියට මුලින්ම Student Model එකක් හදා ගමු.

මුලින්ම Title, Visual Title වලට student කියලා දාගන්න. ඊට පස්සේ Icon එකට ගැලපෙන එකක් තෝර ගන්න. දැන් තියෙන්නේ අපිට Database Table එකේ තියෙන්න ඕන කරන Fields ටික Generate කර ගන්න. ඒකට පහළ රතු පාටින් තියෙන Add field click කරන්න.

එතන සාමාන්‍යයෙන් table එකක් හදා ගන්න අවශ්‍ය කරන ප්‍රශ්ණ ටිකක් අහනවා. ඒ ටික Fill කරලා දාලා Ok කරන්න. මේ පහළින් තියෙන්නේ student_id එක Save කරගන්න හදපු Data ටික.

මේ විදියට අපිට අවශ්‍ය Table එකේ එහෙම නැත්නම් Model එකේ තියෙන්න ඕන Fields ටික Specify කරලා කියන්න පුළුවන්. එකින් එක Fields මේ විදියට Add කරගන්න

අන්තිමට අපිට අවශ්‍ය Data දාගෙන මේ වගේ Table එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ Fields තියෙන Table එක යටින් Permissions කියලා කොටසක් පේනවා ඇති. ඒකෙන් කියන්නේ මේ Table එකේ Data වලට Access කරන්න, Modification කරන්න Permission තියෙන්නේ කාටද කියලා Select කරන්න. ඒ කියන්නේ අපේ System එකේ ඉන්න User Roles වලට අපිට වෙන වෙනම Permission Assign කරන්න පුළුවන් මෙතනදි. දැනට Default role 2ක් තියෙනවා පේනවා ඇති.

අලුතින් Roles ඕන නම් ඒවා Change කරගන්න පුළුවන් Left Navigation Bar එකේ තියෙන User Management කියන Menu Item එකේ තියෙන Roles කියන Sub Menu එකට ගිහින්.

හරි මේ වැඩේ මේ විදියට හදා ගන්න තමන්ට ඕන විදියට Customize කරලා. අන්තිමට දැන් අපි මේ හදා ගත්තු Files ටික අපේ Project එකට දාගන්නේ කොහොමද බලමු.

සිව්වන පියවර

Customize කරගෙන ඉවර වුණාම දකුණු පැත්තේ උඩ තියෙන තියෙන Download Admin Panel කියන Button එක Click කරන්න.

දැන් Download වුණ Files ටික අලුත් laravel project එකකට Paste කරගන්න. ඊට පස්සේ කරන්න ඕන මූලික වැඩ කිහිපයක් තියෙනවා.

.env file එකේ තියෙන Database Connection Settings හදා ගන්න.

command prompt එකෙන් අලුතින් හැදුව project එක ඇතුලට ගිහින් Composer Install එකක් run කරන්න

php artisan migrate –seed මේ Command එකත් run කරවන්න.

ඊට පස්සේ php artisan key:generate මේ command එක run කරවන්න.

හරි දැන් අපි අලුත් System එක Install කරගෙන ඉවරයි. දැන් Artisan Server එක on කරලා Site එකට ගියාම Login panel එකක් එනවා. ඒකෙ username: admin, password:password ගහලා Log වෙන්න පුළුවන්. දැන් බලන්න ඔයා Generate කරපු Model File එකට අදාල හැම CRUD operation එකක්ම කරන්න පුළුවන් විදියේ Interface එකක් හැදිලා තියෙයි.

මේ වගේ System එකක් Customize කරන විදිය ගැන ඉස්සරහදි කතා කරමු. දැනට Installation වලදි එහෙම Errors තිබුණොත් Comment එකක් දාන්න.

 

 


Danushka Herath

Undergraduate of UCSC | Blogger @thesigma.gq | Co-founder of esportlk | Game Developer @esportlk |

Leave a Reply

Your email address will not be published. Required fields are marked *