හරි යාලුවනේ ..ඔන්න මං අදත් ආවා කලින් පාඩමේ ඉතිරි කොටසත් සමගින්…the sigma blog අඩවියට පැමිණි ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා.. කලින් පාඩමේදී අපි කතා කලා මොකක්ද GUI එකක් කියන්නේ කියලා සහ කොහොමද. GUI එකක් හදා ගන්නේ කියලා…ඒ ගැන මතක ඇති කියලා හිතනවා..මතක නෑ වගේ නම් මෙතනින් ගිහින් කලින් පාඩමත් බලන් එන්නකෝ..
අද අපි කතා කරන්න යන්නේ කලින් පාඩමේදී සාදාගත් window එකට graphical element add කරන එක….හරි මුලින්ම අපි window එකට නමක් දෙමුකෝ…තවත් විදියකින් කියනවනම් window එකට title එකක් set කරමුකෝ…මේ සදහා අපි පාවිච්චි කරනවා setTitle() කියන method එක….argument එකක් විදියට අපිට ඕනි title එකක් විදියට pass කරන්න පුලුවන්…code එක බලන්නකෝ…
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); MyJavaFrame.setVisible(true); MyJavaFrame.setSize(300,300); MyJavaFrame.setLocationRelativeTo(null); MyJavaFrame.setDefaultCloseOperation(JFrame.EXIT_ON_CLOSE); MyJavaFrame.setTitle("My first Java Frame !"); } }
Output…
හරි title එකක් නම් set කලා..දැන් අපි බලමු label එකක් කොහොමද set කරන්නේ කියලා..
Label එකක් හදනකොට කරන්නෙත් අර window එකක් හදනකොට කරපු දේම තමයි…ඒ කිව්වේ…window එකක් හදන අවස්ථාවේ කලේ JFrame කියලා කලින් predefine කරලා තිබුන class එකක object එකක් හදපු එකනේ…මෙතනදි කරන්නෙත් ඒ දේම තමයි..JLabel කියලා class එකක් කලින් define කරලා තියනවා …අන්න ඒ class එකේ object එකක් හදන එක තමයි කරන්නේ…JFrame , JLabel විතරක් නෙවෙයි JPanel,JMenu, JButton,JTextArea,JTextField වගේ class ගොඩක් predefine කරලා තියනවා අපි අර මුලින්ම import කරලා තියන package ඇතුලේ…අපිට තියෙන්නේ අවශ්ය graphical element එකේ object එකක් හදන එක විතරයි…හරි ලේසියි නේද😃😃….
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); MyJavaFrame.setVisible(true); MyJavaFrame.setSize(300,300); MyJavaFrame.setLocationRelativeTo(null); MyJavaFrame.setDefaultCloseOperation(JFrame.EXIT_ON_CLOSE); MyJavaFrame.setTitle("My first Java Frame !"); JLabel lebel1=new JLabel(); } }
ඔන්න ඔහොම තමයි label එකක් හදා ගන්නේ…label එකක් නිකං හැදුවට වැඩක් නෑනේ…ඒක අපේ window එකට set කරන්නත් ඕනිනේ…මේ සදහා අපි පාවිච්චි කරනවා add කියන keyword එක.
හදාගත්ත label එක add කරනකොට add කරන්න බලාපොරොත්තු වන ස්ථානයත් දෙන්න ඕනි වරහන් ඇතුලේ…North, South, East , West හා Center කියලා add කරන්න පුලුවන් ස්ථාන පහක් තියනවා…labels,buttons,textFields .. වගේ ඒවා අපිට මේ ස්තාන වලට add කරන්න පුලුවන්..
ඔන්න ඔය ස්ථාන පහටම button එක add කලාම මෙන්න මේ වගේ…
තව දෙයක් තියනවා ...graphical element එක add කරන්න ඕනි ස්ථානය දක්වද්දී පලවෙනි අකුර upper case එකක් වෙන්නත් ඕනි…
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); MyJavaFrame.setVisible(true); MyJavaFrame.setSize(300,300); MyJavaFrame.setLocationRelativeTo(null); MyJavaFrame.setDefaultCloseOperation(JFrame.EXIT_ON_CLOSE); MyJavaFrame.setTitle("My first Java Frame !"); JLabel label1=new JLabel("This is a Lebel !"); MyJavaFrame.add("North",label1); } }
output එකත් බලන්නකෝ…
හරි label එකකුත් දැම්මා…දැන් අපි බලමු panel එකක් අපේ window එකට එකතු කරන්නේ කොහොමද කියලා..කලින් වගේම තමයි Jpanel කියන class එකේ object එකක් හදලා add keyword එක පාවිච්චි කරලා set කරන්න තමයි තියෙන්නේ…
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); MyJavaFrame.setVisible(true); MyJavaFrame.setSize(300,300); MyJavaFrame.setLocationRelativeTo(null); MyJavaFrame.setDefaultCloseOperation(JFrame.EXIT_ON_CLOSE); MyJavaFrame.setTitle("My first Java Frame !"); JLabel label1=new JLabel("This is a Lebel !"); MyJavaFrame.add("North",label1); JPanel panel1=new JPanel(); MyJavaFrame.add(panel1); } }
output එකත් බලන්නකෝ…
කිසි වෙනසක් පේන්නේ නෑ නේද…ඇත්තටම panel එක අපේ window එකට add වෙලා තියෙන්නේ..window එකේ පාටයි panel එකේ පාටයි සමාන නිසා තමයි අපිට panel එක පේන්නේ නැත්තේ… මෙන්න මේ විදියට panel එකේ පාට වෙනස් කරන්නකෝ….
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); MyJavaFrame.setVisible(true); MyJavaFrame.setSize(300,300); MyJavaFrame.setLocationRelativeTo(null); MyJavaFrame.setDefaultCloseOperation(JFrame.EXIT_ON_CLOSE); MyJavaFrame.setTitle("My first Java Frame !"); JLabel label1=new JLabel("This is a Lebel !"); MyJavaFrame.add("North",label1); JPanel panel1=new JPanel(); panel1.setBackground(Color.BLUE); MyJavaFrame.add(panel1); } }
හරි දැන් බලන්නකෝ output එක …
හරි දැන් panel එක පේනවා නේද..හරි panel එකකුත් හැදුවා…දැන් අපි බලමු Text field එකකුයි text area එකකුයි හදන්නේ කොහොමද කියලා…කලින් වගේම JtextField කියන class එකෙයි , JtextArea කියන class එකෙයි object හදන්න තමයි තියෙන්නේ…පොඩි වෙනසයි තියෙන්නේ object හදනකොට constructor එක ඇතුලේ coloms ගනනයි rows ගනනයි pass කරන්න තියෙන්නේ..
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); MyJavaFrame.setVisible(true); MyJavaFrame.setSize(300,300); MyJavaFrame.setLocationRelativeTo(null); MyJavaFrame.setDefaultCloseOperation(JFrame.EXIT_ON_CLOSE); MyJavaFrame.setTitle("My first Java Frame !"); JLabel label1=new JLabel("This is a Lebel !"); MyJavaFrame.add("North",label1); JPanel panel1=new JPanel(); panel1.setBackground(Color.BLUE); MyJavaFrame.add(panel1); JTextField textField1=new JTextField(); JTextArea textArea1=new JTextArea(5,5); } }
හරි ඔන්න ඔහොම හදාගත්ත text field එකයි text area එකයි අපේ window එකට add කරනකොට ටිකක් කල්පනා කරන්න වෙනවා…මොකද දන්නවද…කලින් අපි panel එකක් හදලා window එකට add කරපු නිසා අලුතින් හදන elements window එකට add කලාට පෙනෙන්නේ නෑ…අන්න එතකොට අපි අලුත් elements add කරනවා අපේ panel එකට…
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); MyJavaFrame.setVisible(true); MyJavaFrame.setSize(300,300); MyJavaFrame.setLocationRelativeTo(null); MyJavaFrame.setDefaultCloseOperation(JFrame.EXIT_ON_CLOSE); MyJavaFrame.setTitle("My first Java Frame !"); JLabel label1=new JLabel("This is a Lebel !"); MyJavaFrame.add("North",label1); JPanel panel1=new JPanel(); panel1.setBackground(Color.BLUE); MyJavaFrame.add(panel1); JTextField textField1=new JTextField(); JTextArea textArea1=new JTextArea(5,5); panel1.add("North",textField1); panel1.add("South",textArea1); MyJavaFrame.add(panel1); } }
අව්ලක් නෑ නේද..හරි දැන් අපි බලමු button එකක් කොහොමද අපේ window එකට set කරන්නේ කියලා…ලොකු වෙනසක් නෑ…JButton කියන class එකේ object එකක් හදන්න තමයි තියෙන්නේ…button එකට අවශය නම constractor එකින් pass කරන්න පුලුවන්…හරි අපේ window එකට button එකක් add කරනවා North කියන position එකට…
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); MyJavaFrame.setVisible(true); MyJavaFrame.setSize(300,300); MyJavaFrame.setLocationRelativeTo(null); MyJavaFrame.setDefaultCloseOperation(JFrame.EXIT_ON_CLOSE); MyJavaFrame.setTitle("My first Java Frame !"); JButton button=new JButton("Click me !"); MyJavaFrame.add("North",button); } }
හරි ඔන්න ඔය විදියට button එකක් හදාගන්න පුලුවන්…
out put එකත් පොඩ්ඩක් බලන්නකෝ…
හරි නේද…ඔන්න ඔහොමයි button එකක් add කරන්නේ….හරි අදට ඇති වගේ නේ..😃😃……මීලඟ පාඩමත් සමගින් හමුවෙමු.සුභ දවසක්!