Reading Time: 3 minutes

අද ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Laravel Framework එක භාවිතා කරලා පොඩි Login and Register Application එකක් හදා ගන්න විදිය. ඒකට දැනට ඔයාලගෙ PC එකේ Laravel Framework එක Install කරලා තියෙන්න ඕන. ඒක කරගන්න විදිය ගැන අපි කලින් ලිපියකින් කතා කරා.

අද පාඩම පටන් ගන්න කලින් අපි අලුත් Laravel Project එකක් හදාගෙන ඉමු. ඒකට Windows වලදි නම් Command Prompt එක හරි නැත්නම් Linux වලදී නම් Terminal එක හරි Open කරගමු. ඒකෙන් අපිට අලුත් Project එක හදන්න ඕන Directory එකට යන්න. මම මගෙ අලුත් Project එක හදන්නේ My Document Folder එක ඇතුලේ. දැන් Command එක මම කලින් ලිපියකත් කිවුවා වගේ මේ විදියට Type කරන්න පුළුවන්.

laravel new test

මේ Command එකේ test කියලා කියන්නේ අපිට අවශ්‍ය වෙන Project එකේ නම. මේක වැඩ කලේ නැත්නම් මේ Command එකෙන් පුළුවන් ඒ විදියටම අලුත් Project එකක් හදන්න.

composer global require "laravel/installer"

දැන් මේ Command එක Run කලාම ටික වෙලාවකින් Project එක හැදිලා ඉවර වෙනවා මේ විදියට.

දැන් ඒ Folder එක ඇතුලට Command Prompt එකෙන් ගිහින් මේ Command එක Run කරන්න.

php artisan serve

මේක Run කලාම මේ විදියේ Output එකක් එනවා.

දැන් අපිට පුළුවන් ඕනම Web Browser එකක් හරහා මේ Address එකට ගිහින් අපේ Web Site එක බලා ගන්න. හරියට වැඩ කලා නම් මේ විදියේ Web Site එකක් බලා ගන්න පුළුවන්.

මේ විදියට වැඩ කරනවා නම් ඊළඟ පියවරට ගියාට කමක් නෑ. මොකක් හරි ප්‍රශ්ණයක් තිබුණොත් ආපහු මේ Step ටික Try කරලා බලන්න.

දැන් අපි Login, Register Part ටික හදන්න යන්නේ. PHP වලින් Login Registration Script එකක් හදපු කට්ටිය දන්නවා ඇති ඒක කොච්චර වාතයක්ද කියලා. Laravel වලදී අපිට ඒ ටික ලොකු අවුලක් නැතුව ලේසියෙන්ම කරගන්න පුළුවන්. අපි බලමු ඒ කොහොමද කියලා.

Login Register System

මුලින්ම Project Folder එකෙන් Command Prompt එක Open කරගන්න. ඒකෙ මේ Command එක Run කරවන්න. (මේ වෙනකොට .env file එකේ අලුත් Database එකකට අදාල Logins හරියට දාලා තියෙන්න ඕන)

php artisan make:auth

මේක Run වෙලා ඉවර වුණාම අලුතින් Files කිහිපයක් හැදෙනවා. Views, Controllers, Models සහ Migration table කිහිපයක් මේ Command එක හරහා Framework එක Generate කරගන්නවා. ඒක අපි අවශ්‍ය වෙන විදියට Config කරගන්න පුළුවන්. දැන් ආපහු php artisan server Command එකෙන් Server එක On කරගන්න. Browser එකකින් Localhost එක Load කරලා දැන් බලන්න Login, Register Panel එකක් අලුතින් ඇවිත් ඇති මේ වගේ.

අද පාඩමෙන් කරන්න බලාපොරොත්තු වුණු කොටස ඉවරයි. ඊළඟ පාඩමේදි Crud Operations කරන්නේ කෙහොමද කියලා බලමු.

Categories: Laravelweb development

Danushka Herath

Undergraduate of UCSC | Blogger @thesigma.gq | Co-founder of esportlk | Game Developer @esportlk |

1 Comment

Laravel වලින් CRUD Operations කරමු. - The SIGMA · September 4, 2018 at 12:14 am

[…] Basic Application in Laravel […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *