හරි යාලුවනේ ඔන්න මං අයෙත් ආවා අලුත් පාඩම් මාලාවක් සමගින්..😀😀😃…මේ තමයි එහි පලමු දිගහැරුම…පුරුදු විදියටම ආයුබෝවන් කියලා යාලුවෝ හැමෝම පිලිගන්නවා.. the sigma අඩවියට ගියොත් ඔයාලට අපේ කලින් මඟහැරුනු පාඩම් ඔක්කොම බලන්නත් පුලුවන්..හරි එහෙනං අපි බහිමු අද පාඩමට…මම කලින්ම කිව්වනේ අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ කියලා…ඇත්තටම මොකද්ද පටන් ගන්න යන පාඩම…ඒ තමයි graphical user interface ..මොකද්ද මේ graphical user interface එකක් කියන්නේ…මොකටද පාවිච්චි වෙන්නේ…කොහොමද interface එකක් හදන්නේ..ඔන්න ඔය වගේ ප්‍රශ්න load එකක් ඔයාලගේ ඔලුවට එනවා ඇති…the sigma සමග නිරන්තරයෙන් රැදී හිටියොත් ඔන්න ඔය ප්‍රශ්න ඔක්කෝටම සරලව විසදුම් ලබා ගන්න පුලුවන්..ඒ නිසා දිගටම අපිත් සමඟ රැඳී සිටින්න කියලා යාලුවෝ හැමෝටම ආරාධනා කරනවා..
හරි මොකද්ද graphical user interface(GUI) එකක් කියලා කියන්නේ…කෙටියෙන්ම කියනවානම් windows , buttons , icons වගේ graphical elements එකතු කරලා හදපු අතුරු මුහුණතක්…හරි මෙහෙම හිතන්නකෝ… ඔයා code කරනවා programme එකක්…ඒකෙ input දෙන්නේ කොහොමද , ඒක run කරන්නේ කොහොමද වගේ දේවල් ඔයා හොදටම දන්නවා…මොකද කියනවනම් programme එක හැදුවේ ඔයා නිසා…හිතන්නකෝ programming ගැන මොකුත්ම දන්නැති කෙනෙක්ට programme එක පාවිච්චි කරන්න දෙනවා කියලා…එයා නිකං කරකවලා අතහැරියා වගේ නේද.😃😃..ඔන්න ඔය අවුල නැති කරන්න පුලුවන් graphical user interface (user friendly graphical user interface ) එකක් පාවිච්චි කරලා…තවත් විදියකින් කියනවනම් programming ගැන මොකුත් නොදන්නා අයෙකුට පවා programme එකත් සමග වැඩ කරන්න පුලුවන් වෙන විදියට හදපු අතුරු මුහුණතකට තමයි graphical user interface එකක් කියන්නේ.. හරි idea එකක් ආවා නේද මොකද්ද graphical user interface (GUI) එකක් කියන්නේ කියලා…හරි එහෙනං අපි බලමු කොහොමද GUI එකක් හදන්නේ කියලා..මේ සදහා මම පාවිච්චි කරනවා Java programming language එක.
GUI එකක් හදන්න ඉස්සරින් මුලින්ම කරන්න ඕනි දෙයක් තමයි java package එකේ තියන awt library එකකයි swing library එකයි import කරගන්න එක.awt library එක ගත්තොත් ඒක ඇතුලේ තියනවා Dimension , Toolkit , Color වගේ library ගොඩක් predefine කරලා තියනවා…swing library එක ගත්තොත් ..panels,buttons, icons .. වගේ ඒවා predifine කරලා තියනවා..අපි GUI එකක් හදනකොට මේ libraries මුලින්ම import කරගෙන ඉන්න ඕනි.එකින් එක වෙන වෙනම import කරනවට වඩා ලේසියි මෙන්න මේ වගේ ඔක්කොම එකපාර import කරන එක.
import java.awt.*; import java.swing.*;
හරි ඔන්න ඔහොම තමයි libraries ටික import කර ගන්නේ.. හරි එහෙනන් අපි interface එකක් හදන්න පටාන් ගමු☺☺..
interface එකක් හදන්න පුලුවන් ආකාර දෙකක් තියනවා…පලවෙනි විදිය තමයි inheritance පාවිච්චි කරලා..අනික් විදිය තමයි inheritance පාචිච්චි කරන් නැතුව .. ක්‍රම දෙකේ ලොකු වෙනසක් නෑ..හරි මම inheritance පාවිච්චි කරලම හදන්නම්කෝ…හරි මුලින්ම අපි window එකක් හදාගෙන ඉමු…
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); } }
හරි ඔන්න ඔය විදියට තමයි window එකක් හදන්නේ..ඇත්තටම මෙතනදි කරලා තියෙන්නේ මේකයි … window එකක් හදන හැටි define කරලා තියෙන්නේ අපි import කරපු package එකේ තියන Jframe කියන Class එකේ .. අපි මෙතනදි කලේ ඒ class එකේ(Jframe) object එකක් හදපු එක.හරි දැන් code එක compile කරන්නකෝ..හදපු window එක පේන්නේ නෑ නේද…දැන් මොකද කරන්නේ…ඒකට අපි setVisible කියන method එක call කරලා argument එකක් විදියට true කියන boolean value එක pass කරනවා…
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); MyJavaFrame.setVisible(true); } }
හරි දැන් compile කරන්නකෝ..දැන් ඔයාගේ screen එකේ කොනක අපි හදාගත්තු window එක චූටිවට තියනවා නේද…
ඔන්න ඕක අපිට ඕනි ප්‍රමාණයට හදා ගන්න පුලුවන් setSize( height,width) කියන method එක call කරලා.. arguments විදියට අපිට අවශය height එකයි width එකයි pass කරන්න පුලුවන්..
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); MyJavaFrame.setVisible(true); MyJavaFrame.setSize(300,300); } }
හරි දැන් compile කලාම මෙන්න මේ වගේ window එකක් එනවා නේද…
හරි ..code එක compile වෙලා window එක default හැදෙන්නේ screen එකේ කොනක නේද…අන්න ඒක screen එකේ මැද හදාගන්න ඕනි නම් setLocationRelativeTo() කියන method එක call කරනවා..මෙහිදී argument එකක් විදියට null කියන value එක pass කරනවා..
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); MyJavaFrame.setVisible(true); MyJavaFrame.setSize(300,300); MyJavaFrame.setLocationRelativeTo(null); } }
හරි දැන් compile කරන්නකෝ…
ඒ වැඩෙත් හරි එතකොට….දැන් හදපු window එක close කරන්නකෝ…දැන් පොඩ්ඩක් compiler එක දිහාත් බලන්නකෝ…compiler එකේ පෙන්න විදියට programme එක තාම run වෙනවා නේද…ඒ කියන්නේ window එක close කලාට programme එක තාමත් run වෙනවා නේද…මෙන්න මේ අව්ල නැති කරන්න පුලුවන් setDefaultCloseOperation() කියන method එක call කරලා…මෙහිදී argument එක විදියට Jframe.EXIT_ON_CLOSE කියන parameter එක තමයි pass කරන්නේ..
import java.awt.*; import javax.swing.*; class Gui extends JFrame{ public static void main(String args[]){ JFrame MyJavaFrame=new JFrame(); MyJavaFrame.setVisible(true); MyJavaFrame.setSize(300,300); MyJavaFrame.setLocationRelativeTo(null); MyJavaFrame.setDefaultCloseOperation(JFrame.EXIT_ON_CLOSE); } }
හරි දැන් code එක compile කරලා window එක close කරලා compiler එක දිහා බලන්නකෝ…දැන්නම් අව්ලක් නෑ නේද…window එක close කරනකොටම programme එකත් run වෙලා ඉවරයි…
හරි අදට ඇති නේ..😃😃…GUI වල basic ටික ඉගෙන ගෙන ඉවරයි දැන්…මීලඟ පාඩමෙන් අපි බලමු හදාගත්ත window එකට icons සහ buttons add කරන්නේ කියලා…මීලග පාඩමත් සමගින් හමුවෙමු.සුභ දවසක්!