අපි කලින් ලිපියේදි කතා කරා Laravel කියන්නේ මොකද්ද ඇයි අපිට Laravel වගේ Framework එකක් ඕන වෙන්නේ කියලා. ඒ ලිපිය තාම බැලුවේ නැත්නම් මෙතනින් බලන්න. අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ කොහොමද මේ Framework එක අපේ PC එකේ Install කරගන්නේ කියලා.
Laravel Install කරගන්න ප්‍රධානම ක්‍රම 2ක් තියෙනවා.
1. Homestead : Laravel Homestead කියන මේ ක්‍රමයේදී කරන්නේ Laravel Install කරන්න අවශ්‍ය කරන ඔක්කොම Requirements තියෙන Virtual Machine එකක් අපේ PC එකේ Install කරගන්න එක.
2. Custom : මේ ක්‍රමයේදි කරන්නේ Laravel Install කරන්න අවශ්‍ය Environment එක Manually හදලා දෙනවා. ඊට පස්සේ Laravel PHP artisan හරහා Run කරනවා.
මේ Methods ගැන වැඩි විස්තර ඉස්සරහදි කතා කරගෙන යමු. මුලින්ම ලේසි විදිය බලමු.
1. Custom :
මේ ක්‍රමයේදී අපිට Configuration ටික Manual කරගන්න වෙනවා. හැබැයි වැඩි වාතයක් වෙන්නේ නැතුව Install කරගන්න පුළුවන්. මේ වැඩේට අවශ්‍ය කරන Software ටික සහ Download Link ටික පහලින් දාන්නම්. ඒවා දැනට Install කරලා නැත්නම් Download කරගෙන Install කරගන්න. අනිත් කාරණය තමයි මේ දීලා තියෙන Version ම ගන්න නැත්නම් Laravel Version එකත් එක්ක ගැලපුනේ නැත්නම් Errors එනවා.
Windows User:
XAMPP 3.2.2 or Latest : Download
Linux User:
LAMP 7.1.16 or Latest: Download
ඔයාලගෙ OS එකට ගැලපෙන File එක අරගෙන Install කරගන්න. මේ Package එකත් එක්ක ඔයාලට Apache, Mysql, PHP කියන ප්‍රධාන Software 3 සහ තවත් කිහිපයක් හම්බෙනවා. මේ වැඩේට ප්‍රධාන වශයෙන් ඕන කරන්නේ මේ 3 විතරයි.
තවත් එක Software එකක් ඕන වෙනවා. ඒ තමයි Composer එක. ඒක මෙතනින් Download කරගන්න.
මේකත් Download කරලා Install කරගෙන ඉවරයි නම් ඊළඟ පියවරට යමු.
Install Laravel
දැන් අපිට අවශ්‍ය කරන Requirements සම්පූර්ණ කරගෙන ඉවරයි. දැන් අපි Laravel Install කරගමු. මේක කරන්නේ අපි කලින් කතා කරපු Composer එක හරහා. Windows භාවිතා කරන කෙනෙක් නම් Command Prompt එක Open කරගන්න. Linux කට්ටිය Terminal එක. Open කරගෙන මේ Command එක Copy කරගෙන Terminal/Command Prompt එකේ Paste කරන්න
composer global require "laravel/installer"
මේ Command එකෙන් Laravel අපේ PC එකේ Install වෙනවා. දැන් අපි බලමු අලුත් project එකක් හදලා හරියට වැඩ කරන්වද කියලා.
Create a New Laravel Project
ඔයාට අලුත් project එක හැදෙන්න ඕන Folder එකට ගිහින් ඒ folder එක ඇතුලෙ Terminal එක හරි Command Prompt එක හරි Open කරගන්න ඕන. දැන් ඒකෙ මේ command එක ගහන්න.
laravel new Project_name
(Project_name කියන තැනට ඔයාලා කැමති නමක් දෙන්න)
සමහර විට දැන් Error එකක් එයි laravel කියන Command එක දන්නේ නැහැ කියලා. ඒක එහෙමෙ වෙන්නේ Path එක හරියට හැදිලා නැති නිසා. ඒ Error එක fix කරගන්නේ මෙහෙමයි.
Path Variable එකක් දාන්න Composer එක Install වුණ Directory එකේ Bin folder එක ඇතුලට. උදාහරණයක් විදියට Linux වලදී නම් මේ Path එක දෙන්න.
$HOME/.config/composer/vendor/bin
තාමත් ඒ Error එකම එනවා නම් අපි වෙනත් විදියකට අලුත් Project එකක් මදා ගමු. ඒකට මේ Command එක Type කරන්න. (මේකනම් අනිවා වැඩ කරනවා) මුලින් Command එක හරිගියා නම් ආපහු මේක Try කරන්න එපා.
composer create-project --prefer-dist laravel/laravel Project_name
දැන් අලුතින් Folder එකක් හැදිලා තියෙයි. මේ Folder එක ඇතුලට Terminal එකෙන් යන්න. ගිහින් මේ command එක type කරන්න.
php artisan serve
හරි දැන් අපි Check කරලා බලමු අපේ අලුත් project එක වැඩ කරනවාද කියලා. ඕනම Browser එකක් Open කරලා මේ Address එක type කරන්න.
http://localhost:8000
මේ වගේ Screen එකක් ආවොත් ඒ කියන්නේ කිසිම ප්‍රශ්ණයක් නැතුව අපේ Site එක වැඩ කරනවා.
මේක එක පාරින් හරි ගියොත් පුදුමයි. 😀 හරි මීට වඩා වෙනස් විදියේ Screen එකක් එනවා නම් මේ ටික Try කරලා බලන්න.
මුලින්ම Project folder එක ඇතුලට ගිහින් ඒක ඇතුලේ තියෙනවා .env.example කියලා file එකක්. ඒක .env කියලා rename කරගන්න. (මෙහෙම file සාමාන්‍යයෙන් Explorer වලින් පෙන්වන්නේ නෑ. Linux වලදී නම් Ctrl + H ගැහුවාම පෙන්නනවා. නැත්නම් මොකක් හරි Text Editor එකක් හරහා Open කරගන්න )
ඒක කරගත්තා නම් ඊළඟට මේ Command එක Type කරලා key එකක් Generate කරගන්න ඕන.
php artisan key:generate
දැන් ආපහු Browser Windows එක refresh කරගන්න. තාමත් ඒ විදියම නම් මේ folders වලට write Permission දෙන්න.
storage , bootstrap/cache , public
තවමත් ගැටළුව එහෙම නම් Google Search කරලා බලන්න එන Error Message එක. නැත්නම් Screen Shot එකක් මෙතනට දාන්න. මම උදව් කරන්නම් Fix කරගන්න.
මේ ලිපිය තවත් දිග වෙන නිසා මම Homestead එක්ක Laravel Install කරන විදිය ඊළඟ ලිපියෙන් ලියන්නම්. ආපහු කියන්න තියෙන්නේ මොනවා හරි අවුලක් තියෙනවා නම් නැත්නම් තේරුණේ නැති තැනක් තියෙනවා නම් Comment එකක් දාගෙන යන්න.
2 Comments
Laravel Folder Structure - The SIGMA · April 19, 2018 at 5:48 pm
[…] – Custom / […]
Laravel වලින් CRUD Operations කරමු. - The SIGMA · September 4, 2018 at 12:03 am
[…] Installing Laravel […]