මේ කියන්න යන්නෙ lap එකේ වැඩ කරද්දි (විශේෂයෙන් ගෙදරදි) මට නිතරම උදව්වෙන පොඩි software කෑල්ලක් ගැන.(කෑල්ලක් කිව්වට, කෑලි 2 ක් තියෙනව ඇත්තටම 😀 ) Desktop එකයි lap එකයි දෙකම On කරගෙන වැඩ කරද්දි මට තිබ්බ ප්‍රශ්නයක් තමයි හැමතිස්සෙම mouse එකෙන් mouse එකට මාරු වෙන්න වෙන එක.(desktop එකෙන් lap එකට, lap එකෙන් desktop එකට) මේකට විසදුමක් නැද්ද කියල හොයද්දි මට හම්බ උනා මේක.
Mouse without Boarders කියල පොඩි software එකක්. මේක Microsoft ලගෙ එකක්. ඒ උනාට සම්පූර්ණයෙන්ම Free. මේක අපිට mouse/keyboard share කරන්න ඕනෙ computers දෙකේම (දෙකක් විතරක් නෙවෙයි 4ක් වෙනකන් පුළුවන්) install කරන්න ඕනෙ. ඊළඟට පළවෙනි computer එකෙන් දෙන key එක දෙවනි computer එකේ enter කරාම හරි. දැන් මේ computer 2, එකම network එකකට connect උන ගමන් (router එකකට වගේ), එක computer එකක තියෙන mouse/keyboard වලිින් අනිත් computer එකත් control කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි file උනත් drag & drop කරන්න පුළුවන්. clipboard එක උනත් share වෙනව. ඒත් ඉතින් මේක වැඩ කරන්නෙ windows වල විතරයි.
Linux/Windows අතරෙ mouse එක share කරන්න ඉතින් ඒකෙන් බෑ. මම සමහර වෙලාවට linux වලිනුත් වැඩ කරන නිසා, දෙකටම හරියන එකක් හොයද්දි හම්බ උනා synergy කියල software එකක්.
මේකෙන් පුළුවන් Linux/windows/mac ඕක එකක් එක්ක connect කරන්න. හැබැයි ඉතිං මේක free එකක් නෙවෙයි.(Linux වලට නම් free) එ්ත් ඉතිං free එකක් torrent එකකින් හොයාගන්න බැරිවෙන්නෙ නෑ 😐 . මේකත් ඉතිං අර කලින් එක වගේ computer 2කේම install කරන්න ඕනෙ. හැබැයි මේකෙ version කීපයක්ම තියෙන නිසා computer 2කේම එකම version එකක් තියෙන්න ඕන නැත්තම් connect වෙන්නෙ නෑ.
mouse with boarders වගේ නෙවෙයි මේකෙදි එක computer එකක් server එකක් විදියට set කරල, ඉතිරි එ්ව client විදියට හදන්න ඕනෙ. එතකොට අර server computer එකේ mouse/keyboard වලින් client ලව control කරන්න පුළුවන්. mouse with boarders එක එහෙම නෑ. ඕන එකකින් ඕන එකක් control කරන්න පුළුවන්. ඒ වගේම synergy වලින් file share කරන්නත් බෑ.
අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ වගේ software තියෙනකම් අපිට දියවැඩියාව හැදෙන එක නවත්තන්න බෑ. ඇයි ඉතිං ඒකටවත් මහන්සි වෙන්න කැමති නෑ නෙ. 😀 😀