Reading Time: 4 minutes

හැමෝටම ආයුබෝවන් යාලුවනේ!,Networking යටතේ ලියවෙන මේ මගේ 3 වන ලිපිය​​,ඉතින් මගේ කලින් ලිපි කියවලා Computer Networking ගැන පොඩි හරි දැනුමක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ ලිපියෙන් මම ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Network Layers එහෙම නැත්තම් OSI(Open System Interconnect)Layers ගැන​.

 

මම මුලින්ම අහන්නම්කො මොකක්ද මේ OSI Layers කියලා කියන්නේ කියලා,තොරතුරු හුවමාරු පද්ධතියක එම තොරතුරු ගලා යන ආකාරය එක් එක් කොටස් වලට බෙදා දැක්වීම තමයි මේ OSI Layers වලින් සිදුවෙන්නේ.

 

 

මම තවත් පැහැදිලි කරන්නම්කෝ,හිතන්න Network එකක තියෙන Computer එකකින් තවත් Computer එකකට Data යවනවා කියලා.එතකොට ඒ Data යවන Computer එකේ සිට Data ලබාගෙන එම Data User ට Moniter කරන තෙක් සිදුවන ක්‍රියාවලිය විවිධ කොටස් වලට බෙදා දැක්වීම තමයි මේ OSI Layers කියලා කියන්නේ.

ඉතින් මම හිතනවා මේ OSI Layers ගැන ඔයලට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.

 

ඉතින් මොනවද මේ OSI Layers වල තියෙන වාසි;

 

  1. එක System එකකින් තවත් System එකකට data හුවමාරු කරන ආකාරය දැන ගැනීමට හැකිවීම.
  2. වෙනස් Vendors ලගෙ Hardware හා Software සමග Data Communication කරන්න පුලුවන් වීම.​​

 

මොනවද මේ Vendors කියලා කියන්නේ,විවිධ Communication උපකරණ හදන අය ඒවගේම Software Developers වගේ අයට තමයි මේ Vendors කියලා කියන්නේ.

 

 

මේ OSI Layers අපිට ප්‍රධාන වශයෙන් 7ක් දැකගන්නට පුලුවන්.ඒවා තමයි;

 

  1. Application Layer
  2. Presentation Layer
  3. Session Layer
  4. Transport Layer
  5. Network Layer
  6. Data Link Layer
  7. Physical Layer

 

ඉතින් මේ තියෙන Layers අපිට විවිධ ආකරයට කොටස් වලට කඩන්න පුලුවන්.

 

  1. Upper Layer/Lower Layer

මෙයින් කියවෙන්නේ Application,Presentation,Session,Transport Layers, Upper Layers යන​ කොටසටත්,Network,Data Link,Physical layers, Lower Layers යන​ කොටසටත් අයිති වන බවය.

 

 

 

2.TCP/IP Layers

TCP/IP Layers වෙන්නේ;

  1. Application Layer
  2. Transport Layer
  3. Internet Layers
  4. Network Access Layers

යනුවෙනි.

 

 

දැන් අපි මේ Layers එකින් එක පැහැදිලි කරගමු.

 

1. Application Layer

මේ Layer එකෙන් තමයි අපිට User Interface ලබාදෙන්නේ.ඒ කියන්නේ Desktop එක​,ඒ වගේම මේ කොටසින් තමයි Network Service එකට අවශය Programmes පාවිච්චි කරන්නත් ඉඩ දෙන්නේ.ඒ වගේම මේ Layer එකෙන් කරන වැඩ තමයි File Transfer,E-mail වගේ ඒවා,

මේකෙ වැදගත්ම දේ තමයි මේකෙ භාවිතා කරන Protocol මොනවද කියන එක​,Telnet,HTTP,FTP මෙහිදී භාවිතා කරනවා.

 

 

2.Presentation Layer

 

 

මේ Layer දී Data එක් එක් Data Format වලට පරිවර්ථනය කිරීම තමයි සිදුකරන්නේ.මම ඒක උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්කෝ,

හිතන්නකෝ මෙහෙම​,අපිට Network එක​ හරහා Mp3 File එකක් ආව කියලා එතකොට ඒ Mp3 File ඒක අයිති Format එකට දාන එක තමයි මේ Presentation Layer එකේ ප්‍රධාන වැඩේ.මේ Layer එකෙන් කරන තවත් වැඩක් තමයි එක එක Format වලට දාන data User ට​ Access කරන්න පුලුවන්ද කියලා sure කරගන්න එක.

 

 

3.Session Layer

 

Network එකේ Data Communicate කරන Device වල Application අතරේ Connection එක​ තියාගැනීම හා ඒවා කලමනාකරනය කිරීම තමයි මේ Session Layer එකෙන් සිදුවන්නේ.

 

 

ඒ වගේම Data Communicate එක Simplex ද​ Half-Duplex ද Full-Duplex ද​ කියලා තීරණය කරන්නෙත් මේ Session Layer එකෙන්ම තමයි.

ඉතින් මොනවද මේ Simplex,Half,Full Duplex කියන්නේ,මම කෙටියෙන් පැහැදිලි කරන්නම්,

 

එක් දිශාවකට පමණක් Signal ගමන් කිරීම තමයි මේ Simplex කියලා කියන්නේ.උදාහරණ ලෙස Television,Radio හැදින්විය හැක​.

 

 

දිශාවන් දෙකටම Signal යැවිය හැකිනම් එය Half-Duplex ලෙස හැදින්වේ.නමුත් මෙහි විශේශත්වය වන්නේ වන්නේ වරකට Signal යැවිය හැක්කේ එක් දිශාවකට පමනි.උදාහරණ ලෙස vocy tocy හැදින්විය හැක​

 

 

දිශාවන් දෙකටම Signal යැවිය හැකිනම් එය Full-Duplex ලෙස හැදින්වේ.මෙය Half-Duplex වඩා වෙනස් වන්නේ මෙහි එකවර දිශා දෙකටම Signal යැවිය හැක​.උදහරණ ලෙස​ Telephone හැදින්විය හැක​.

 

 

4.Transport Layer

 

මේ Layer එකේදි තමයි Data packet එක Segment එකක් බවට පත්වන්නේ.Data Encapsulation යටතේ මේ ගැන මම වැඩිපුර  කතා කරන්නම්.

 

 

 

 

 

 

5.Network Layer

 

මේ Layer එකෙන් තමයි ඇත්තටම Data යවන වැඩේ බාරගන්නේ.මම මෙහෙම කියන්නම්කෝ,Router එක අයිති වෙන්නෙත් මේකටම තමයි.ඒ කියන්නේ Source Computer සිට User දක්වා Data යැවීමට Best Path එක තෝරා ගන්නේ මේ Network Layer එක හරහා.

ඉතින් IP Address භාවිතා කරන්නෙත් මේ Layer එකේදිම තමයි.

 

 

6.Data Link Layer

 

Data Transmission එකේ මොකක් හරි වැරැද්දක් තියෙනවනම් ඒක දැනුම් දෙන්නේ මේ Layer එකේදි,Switch,Bridge,NIC

භාවිතා කරන්නේ මේ Data Link Layer එකේදී,මෙහිදී භාවිතා කරන Protocol වන්නේ STP , VTP , CDP  වේ.

 

 

 

7.Physical Layer

 

 

මොන Layer එකෙන් ආවත් අන්තිමට එන්න ඕනි මේ Physical Layer එකෙන්,ඒ කියන්නේ Wire හෝ Wireless මොන විදියට Data ආවත් අන්තිමට එන්නේ මේ Layer එක හරහා.

Hub,Connectors,Cable අයිති වෙන්නෙත් මේ Network layer එකටම තමයි.

 

 

Data Encapsulation**

 

ඉතින් මොකක්ද මේ Data Encapsulation කියලා කියන්නේ.මම මෙතනදී ඒ පිළිබදව සරලව පැහැදිලි කරන්නම්.Data Encapsulation කියලා කියන්නේ උඩම Layer එකේ  ඉදලා අන්තිම Layer එක දක්වා data ගලා යැමේ ක්‍රියාවලියයි.

තවත් සරලව කිව්වොත් එක් Computer එකක සිට තවත් Computer එකකට Data යැවීමේදී ඒ ඒ Network වලදී සිද්ධවෙන දේවල් වලට තමයි මේ Data Encapsulation කියලා කියන්නේ.

 

 

ඉතින් මම හිතනවා මේ ලිපියෙන් OSI Layers සම්බන්ධ මූලික කරුණු ටිකක් ලැබෙන්න ඇති කියලා.මම ඊලග ලිපියෙන් Data Encapsulation හා Data Decapsulation පිළිබද වැඩිපුර​ පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

ස්තූතියි:

 

 

Categories: network

Sandun Prasanganath

I am a undergraduate Student of University of Colombo School of Computing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *