Introduction
ආයුබෝවන්..මේ ලිපි මාලාවෙන් අපි කතාකරන්න යන්නෙ පරිගණකයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන. හොඳයි එහෙනම් අපි මුල ඉඳලම පටන්ගමු.
ඉස්සෙල්ලම අපි බලමු මොකක්ද මේ පරිගණකයක් කියන්නෙ කියලා. සරලවම කියනවනම් අපි දෙන උපදෙස් වලට අනුව වැඩ කරන උපකරණයක්. එතකොට කොහොමද අපි මේ කියන උපදෙස් පරිගණකයකට, එහෙමත් නැතිනම් Computer එකකට දෙන්නෙ? මං ඒක මෙහෙම කියන්නම්කෝ. හිතන්නකො ඔයා Windows වල My Document කියන Folder එක Open කරා කියලා. එතකොට ඒ නමින් තියෙන Window එකක් Open වෙනවා. ඒ කියන්නෙ පරිගණකයේ කොතනක හරි තිබුනු උපදෙසක්(Instruction එකක්) ක්‍රියාත්මක වෙලා. පරිගණක වැඩසටහන්(Computer Programs) හරහා තමයි අපි මේ කියන උපදෙස් පරිගණකයකට ලබා දෙන්නේ. මම මෙතනදි පරිගණක වැඩසටහන්(Computer Programs) ගැන කතා කරන්න යන්නෙනම් නැහැ. අපි පටන් ගනිපු මාතෘකාව දිගේම යමු. දැනට එහෙම දෙයක් තියෙනව කියල විතරක් මතක තියාගන්නකො…
දැන් එහෙනම් අපි දන්නවා මේ පරිගණක වැඩසටහන්(Computer Programs) හරහා තමයි මේ උපදෙස්(Instructions) පරිගණකයට ලබාදෙන්නෙ කියලා. එහෙමනම් පරිගණකයක් කොහොමද මේ උපදෙස්(Instructions) තමන් ලඟ තියාගන්නේ? ඕනෑම පරිගණකයක් තමන්ට දෙන උපදෙස්(Instructions), එහෙමත් නැතිනම් ඕනෑම දත්තයක්(Data) ගබඩා කරගන්න මූලිකම ඒකකය හඳුන්වන්නෙ බිට්(Bit) එකක් කියලා. බිට්(Bit) එකක් කියන්නෙ මොකක්ද? සරලවම කිව්වොත් බිට්(Bit) එකක් කියන්නෙ ද්වීමය සංඛ්‍යා පද්ධතියේ ඉලක්කමක්(0 හෝ 1). ඒ කියන්නේ අපි දෙන ඕනෑම දත්තයක් Computer එක ගබඩා කරගන්නේ මේ 0 හෝ 1 කියන ඉලක්කම් යොදාගෙන. හොඳට මතක තියාගන්න එක බිට්(Bit) එකකට තියාගන්න පුලුවන් එක අගයක් විතරයි. ඒ කියන්නෙ 0 හෝ 1 කියන අගයන්ගෙන් එකක්. හොඳයි එහෙනම් දැන් අපි දන්නවා බිට්(Bit) එකක් කියන්නෙ මොකක්ද කියලා. දැන් අපි බලමු දැනට තියෙන Storage Units මොනවද කියලා.
Storage Hierarchy
8 Bits = 1 Byte
1024 Bytes = 1 Kilobyte (KB)
1024 Kilobytes = 1 Megabyte (MB)
1024 Megabytes = 1 Gigabyte (GB)
1024 Gigabytes = 1 Terabyte (TB)
1024 Terabytes = 1 Petabyte (PB)
1024 Petabytes = 1 Exabyte (EB)
හොඳයි එහෙනම් මම හිතනවා අද මම ගෙනාපු ලිපිය කාටත් තෙරෙන්න ඇති කියලා. ඒ වගේම ඔබගේ අදහස් ඇත්නම් එයද පහලින් comment කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපේ මේ වැඩසටහනේ තවත් ලිපියකින් හමුවෙනතුරු සමුගන්නම්. ස්තූතියි.
2 Comments
chamika · April 7, 2018 at 8:52 pm
තව දිගට ලියපං
Shehan Rangana · April 7, 2018 at 9:57 pm
අදහසට ස්තූතියි. මේ ලිපියෙන් බලාපොරොත්තු වුනේ මූලික හැඳින්වීමක් කරන්න විතරයි. ඉදිරි ලිපි වලදී දිගට ලියන්න බලාපොරොත්තු වෙනවා.