Reading Time: 5 minutes

හැමෝටම ආයුබෝවන් යාලුවනේ,මම අද ඔයාලට මුලින්ම කියාදෙන්නේ පරිගණක ජාල​(computer networking)පාඩමක්.මේක මගේ පලවෙනි ලිපිය​.ඉතින් මම මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන්,
1.පරිගණක ජාලයක් යනු කුමක්ද​?
2.පරිගණක ජාලයක මූලික කොටස්
යන ප්‍රධාන කරුණු 2 පිලිබදව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.

මොකක්ද මේ පරිගණක ජාලයක් කියලා කියන්නේ,

පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ද කර සාදා ගන්නා ලද පද්ධතියකට තමයි පරිගණක ජාලයක් කියලා කියන්නේ.

අපි (Network) එකක් නිර්මාණය කිරීමේ මූලික අරමුණ වන්නේ Computer දෙකක් හෝ ඊට වැඩි ගණනකට දත්ත​(data) හුවමාරු කරගැනීමයි.ඒකට අපිට ඕනිවෙන උපකරණ තමයි(Basic Component Of The Network) කියලා කියන්නේ.අපි දැන් බලමු ඒ උපකරණ මොනාද කියලා.
  1. Transmission media 
  2. Connectors 
  3. NIC (Network Interface Card)                                                  
  4. Protocols 
  5. Address 
  6. Hub / Switch 
  7. Modem
  8.  Router

 

මම මේ සදහන් කල සියලුම උපකරණ Network එකක් නිර්මණය කිරීමට අවශය නොවන අතර මූලික Component

වලින් අපිට Network එකක්  හදාගන්න පුලුවන්.

දැන් මේ Componentමොනාද කියලා මම පැහැදිලි කරන්නම්.

1.Transmission media

 

Transmission media කියලා කියන්නේ Network එක තුල ඇති  පරිගණක එකින් එක සම්බන්ද කිරීමට යොදාගන්නා ප්‍රධානම දේ කියල කිව්වොත් මම නිවැරදියි.

 

   Transmission media ප්‍රධාන වශයෙන් කොටස් 2 බෙදා දැක්විය හැක​.

1.Guided media(cables):

  ex:-UTP cable

           Coaxial cable

         Fiber optic

2.Unguided media(wireless):

  ex:-Wifi

Wimax

         Microwave

 

මේවායින් උදාහරණ කීපයක් අරන් මම සරලව පැහැදිලි කරන්නම්.

10 base 2: මේක Coaxial cable එකක්.Thinnet කියලත් මේකට කියනවා.මේ Cable එකට 185 m දුරට dataගෙනියන්න පුලුවන්,ඒ වගේම data ගෙනයාමේ උපරිම වේගය වන්නේ 10Mbit/s.ඒවගේම මේ Cable හරහා කරන්න පුලුවන්  Half-duplex communication එකක් විතරයි.(Duplex ගැන මම ඉදිරියට පැහැදිලි කරන්නම්)

 

10 base 5: මේකත් Coaxial cable එකක්ම තමයි.මේකට thicknet කියලත් කියනවා.මේ cable එකෙනුත් dataගෙනයාමේ වේගය වන්නේ 10Mbit/s  ම තමයි, හැබැයි මේCable 1 න් 500 m දුරකට​ data transmit කරන්න පුලුවන්.

 

 

 

10 base T:මේ Cable(10 base T,100 base TX,1000 base T) තමයි පොදුවේ Networking වලට යොදා ගන්නේ.Twisted Pair Ethernet කියලත් මේවට කියනව​.මේ Cable එකේ තියෙන වැදගත්ම දේ තමයි  Full-duplex Communication වලට වගේම Half-duplex Communication වලටත් යොදා ගන්න පුලුවන් එක​.මේ Cable එකෙනුත් Data Transfer Rate එක​ 10 M bit/s වගේම 100 දුරකට data ගෙනියන්නත් පුලුවන්.
100 Base TX:මේකට Fast Ethernet කියලත් කියනවා.10 Base T Cable එකයි මේ Cable එකයි අතර ප්‍රධාන වෙනස තමයි Data Transmission Speed එක​ 100 M bit/s වීම​.

 

 

 

 

 

1000 Base T:මේකට Gigabit Ethernet කියලා කියනවා.මේකෙ Data Transmission Speed  එක 1000 M bit/s (1 Gigabit Per Second)වෙනවා.

2.NIC (Network Interface Card)

Network එකේ තියෙන Network Cable එක ගහන port එක තියෙන එකට තමයි NIC කියන්නේ.සමහර Computer වල මේක On Board NIC තියෙනවා වගේම සමහර Computers වල මේක Separate තියනවා.වැදගත්ම දේ තමයි හැම NIC එකටම එකිනෙකට වෙනස් Unique Mac Address  එකක් තිබීම​.Mac Address ගැන ඉදිරි ලිපියකින් මම ඔයාලට පැහැදිලි කරන්නම්.

3.Protocol

Protocol එකක් කියලා කියන්නේ නීති මාලාවකට​,ඒකියන්නේ Network  එකක තියෙන Computers 2 ක් අතර data හුවමාරු කරනවිට එක​ Computer  එකකින් යවන (Sender) data තව receiver එකකින් ලබාගන්න​ නම් මේComputer 2data යවන්නයි ලබාගන්නයි එකම නීති මාලාවක් පිළිපදින්න ඕනිනේ,අන්න ඒකට තමයි Protocol එකක් කියලා කියන්නේ.
මම පොඩි උදාහරණයක් දෙන්නම්,හිතන්නකෝ දෙමල කතා කරන මිනිහෙකුයි Sinhala  කතා කරන මිනිහෙකුයි ඉන්නවා කියලා.ඉතින් මේ දෙන්නටම සන්නිවේදනය කරගන්න පොදු බාෂාවක් තියෙන්න ඕනිනේ.අන්න ඒ පොදු භාෂාවට තමයි අපි Networking වලදී Protocol එකක් කියල කියන්නේ.

4.Addresses

Network Addresses අපි  පාවිච්චි කරන්නේ Device වෙන්කරලා Unique ව හදුනාගැනීමටයි.හරියට අනිත් අයට අපි ඉන්න තැන වෙන්කරලා හදුනාගන්න අපිට ලිපිනයක් තියෙනවා වගේ.

5.Router

Router එකක් යනු අන්තර්ජාලය හරහා දත්ත ගෙන යාම සදහා භාවිතා කරන තවත් එක් උපකරණයකි.

 

පරිගනක ජාලයක ,එක් ස්ථානයක සිට අනෙක් ස්ථානයට දත්ත ගමන් කරනුයේ කුඩා කොටස් වලටය​.ඒවා bits ලෙස හදුන්වයි. මෙම උපකරණ වලට භාෂා නොතේරෙන නිසා Data Packets හදුනා ගන්නේ මේ bits උපයෝගී කරගෙනය​.
Router හරහා දත්ත ගමන් කරන්නේ Data Packets ලෙසටයි.මෙම Data Packet එකක දත්ත යවන තැන හා දත්ත ලබන තැනට IP Address භාවිතා කරමින් මෙම Data Packets එහා මෙහා ගෙන යාම සිදු කරයි.
එක් පරිගණක ජාලයක සිට තවත් පරිගණක ජාලයකට Data Packets ගමන් කරන විට අදාල ලගම මාර්ගය​ Best Path තෝරා ගන්නේද මේ Router එක මගිනි.

මෙම Routers ප්‍රධාන කොටස් කීපයකට බෙදිය හැක​,ඒවා නම්:

1. ADSL Routers

  2. 3G,4G Routers

  3.Wireless / Wifi Routers

 මේවා පිළිබදව කෙටියෙන් මම පැහැදිලි කරන්නම්,

 

ADSL(A Digital Subscriber Line) Routers:

ADSL (A Digital Subscriber Line) Routers බොහෝ විට Broadband  යන නමින් හැදින්වූ අතර​, Digital Subscriber Line සේවාව සපයන දුරකතන මාර්ගයක් ඔස්සේ පරිගනකය අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට භාවිතා කරන උපකරණයකි.

 

3G , 4G Routers

ඇන්ටනා සහ ස්ථාවර IP SIM කාඩ්පත් යොදා ගනිමින් ඵලදයි පුළුල් පරාස අන්තර් ජාල සබදතා පවත්වා ගැනීමට අපි මේව භාවිතයත්ට ගනියි.

 

 

 

 

 

 

 

Wireless / Wifi Routers

Wireless / Wifi Routers යනු රැහැන් රහිත රවුටරය ලෙස කටයුතු කරන ඉලෙක්ට්‍රොනික උපකරණ වේ.

 

6.Modems

Modem එකක් යනු අන්තර්ජාලය හරහා එක් ස්ථානයක ඇති පරිගනකයක් තවත් ස්ථානයක ඇති පරිගනකයක් හා සම්බන්ධ කිරීමෙන් එම පරිගනක දෙක හරහා අන්තර්ජාලය හරහා දත්ත සන්නිවේදනය කල හැකි වීමයි.

 

මෙහිදී පරිගණක එකට සම්බන්ද කරනුයේ දුරකථන මාර්ග ආධාරයෙනි. එනම් මෙහෙදී දත්ත සම්ප්‍රේෂනය සිදු කරනුයේ Electronic waves හරහාය​.

 

ඉතින් යාලුවනේ මම හිතනවා මගේ පලවෙනි ලිපියෙන් Computer Networking පිළිබද මූලික කරුනු ටිකක් ඔයාලට ලැබෙන්න ඇති කියලා.මගේ ඉදිරි ලිපිවලින් Networking පිළිබදව තවදුරටත් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

 

 

 

 

Categories: networktech

Sandun Prasanganath

I am a undergraduate Student of University of Colombo School of Computing

4 Comments

Gayan Sampath · March 31, 2018 at 5:03 am

well done man..keep it up..*****

Danushka Herath · March 31, 2018 at 7:09 am

Supiri bn 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *