class Dog{ String color; String breed; int age; public int run(int speed){ return speed; } public void sleep(int time){ System.out.println("it every day sleep "+ time +" min"); } public void eat(string food){ System.out.println("it eat "+ food); } }
ඔන්න ඔය විදියට අපිට dog class එක හදාගන්න පුළුවන් .ඔබට java පිළිබඳව යම් දැනුමක් ඇත්නම් මේ තියෙන keywords තේරුම් ගැනීම්ට අපහසුවක් නැතුව ඇති කියලා හිතනවා. හරි අපි දැන් බලමු හදාගත්තු class එක පාවිච්චි කරලා object කිහිපයක් සාදාගන්නට .ඒ සඳහා java පරිගණක භාෂාවේ දී පාවිච්චි කරනවා new කියන keyword එක.
Dog dog 1 = new Dog(); Dog dog 2 = new Dog() ;
හරි ඔන්න ඔය විදියට තමයි class එකකින් object එකක් හදාගන්නේ .අපි මේ හදාගත්ත object එකට values assign කරන්න ඕනෙ නම් ‘dot’ operator එක පාවිච්චි කරලා මෙන්න මෙහෙමයි කරන්නේ .
dog 1.color = "Black" ; dog 1. breed = "Chow Chow" ; dog 1. age = 2 ;
ඔන්න ඔහොම තමයි object එකක තියන attributes වලට values assign කරන්නේ. class එකේ methods තියෙනවනම් ඒවා මෙන්න මේ විදිහට call කරනවා.
dog 1.run ( 10 ); dog 1.sleep ( 100 ); dog 1.eat ( "meat");
ඔන්න ඔය විදිහට තමයි class එකක් හදලා එකේ attributes වලට values assign කරන්නෙත් methods call කරන්නෙත්. මේ විදිහට එක class එකකින් අපිට පුළුවන් විවිධ values assign කරලා object ගොඩක් හදාගන්න.
හරි අපි දැන් බැලුවා object oriented concept එක පාවිච්චි කරලා කොහොමද class එකක් සහ object එකක් හදාගන්නෙ කියලා. දැන් අපි බලන්න යන්නේ object oriented concept එකේ තියන තවත් පොඩි කොටසක් සම්බන්ධව . ඒ තමයි members නැත්නම් access modifiers ගැන. මොකක්ද මේ access modifiers කියලා කියන්නේ? ඇත්තටම access modifiers කියන්නේ ඔයාගේ ක්ලාස් එකට කාටද ඔයා access දෙන්නේ කියන එක. තවත් විදියකින් කියනවා නම් ඔයාඔයාගේ class එකට කාටද ඇතුළු වෙන්න පුළුවන් කියන එක . ඇත්තට මේ access modifiers වලින් කරන්නේ ඔයාගේ class එක බාහිර පුද්ගලයන්ගෙන් ආරක්ෂා කරන ආරක්ෂා කරන එක. class එක ඇතුලෙත් තියෙන methods සහ attributes වල ආරක්ෂාවටත් මේ access modifiers පාවිච්චි කරන්න පුළුවන්. access modifiers හතරක් තියෙනවා public , private , protected සහ default කියලා.
public access modifier එකෙන් පුළුවන් ඕනෑම බාහිර පුද්ගලයෙකුට ඇතුළුවන්න. අපි කිසිම access modifier එක දාගන්නේ නැතුව class එකක්, attributes හෝ methods සකස් කළොත් ඒකෙන් කියවෙන්නේ default access modifier එක ගැන. default access modifier එකෙන් තමන්ගෙ package සිටින සියලුම පුද්ගලයින්ට සහ තමන්ගෙ class එකේ අයට පමණයි ඇතුළු වන්න පුළුවන්. protected access modifier එක පාවිච්චි කළොත් තමන්ගෙ class එකේ අයටයි sub class වල අයටයි දෙගොල්ලටම ඇතුළු වන්න පුළුවන්. private access modifier එක පාවිච්චි කළොත් තමන්ගේ class එකේ අයට පමණයි ඇතුළුවන්න පුළුවන්.
ඉහල තියෙන පින්තුර දෙකෙන්තවදුරටත් අදහසක් ගත හැකි access modifiers ගැන.අද කරපු පාඩම තේරුනා කියලා හිතනවා. අදට පාඩම ඉවරයි. මීළඟ පාඩමෙන් හමුවෙමු. ස්තුතියි !